Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2019 08:30:23 Hours

පෙර පාසල් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහාය

පාලිනගර් තමිල් අලගන් පෙර පාසලේ ඉල්ලීමකට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 653 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්ව පෙර පාසල් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා එම පෙර පාසල් පරිශ්‍රය පිරිසිදු කරනු ලැබීය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රැල්ෆ් නුගේරා ගේ සහ 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් වසන්ත කුමාරප්පෙරුම ගේ උපදෙස් මත යුද්ධ හමුදා සමාජිකයින් දෙමාපියන් සහ සිවිල් වැසියන්ගේ සහයෝගය ඇතිව මෙම ව්‍යාපෘතිය සිදු කළහ.

මෙම ව්‍යාපෘතිය සඳහා නිලධාරියෙකු ඇතුළුව යුද්ධ හමුදා සාමාජිකයින් 31 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගී වූහ. affiliate link trace | adidas Yeezy Boost 350