Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පිහිනුම් සහ වෝටර් පෝලෝ අවසන් තරඟ පනාගොඩ ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වේ

අන්තර් රෙජිමේන්තු පිහිනුම් සහ වෝටර් පෝලෝ ශුරතාවය - 2017 හී අවසන් තරඟ සහ ත්‍යාග ප්‍රදානෝත්සවය බ්‍රහස්පතින්දා (17) දින පනාගොඩ පිහිටි යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්විණි.

අගෝස්තු මස 15 සිට 17 දින දක්වා තෙදිනක් පැවති මෙම තරඟාවලිය සඳහා රෙජිමේන්තු 14 ක් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා ඒකක 5 ක් නියෝජනය කරමින් තරඟකරුවන් 242 ක් සහභාගි වු අතර, කාණ්ඩ 4 ක් යටතේ රන් පදක්කම් 47 ක් සඳහා ඔවුන් තරඟ වැඳුණි.

මෙම අවසන් තරඟයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මෙන්ම යුද්ධ හමුදා පිහිනුම් ක්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න ගේ ආරාධනයෙන් නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු සහභාගි වු අතර, තරඟාවලියේ ජයග්‍රහකයින් වෙත කුසලාන සහ සහතිකපත් ද එතුමන් විසින් පිරීනමනු ලැබීය.

මෙහි අවසන් ප්‍රතිඵල පහතින් දැක්වේ:

පිරිමි විවෘත කාණ්ඩය :

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව - ශුරතාවය

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව - අනුශුරතාව

කාන්තා විවෘත කාණ්ඩය :

1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - ශුරතාවය

2 වන ( ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - අනුශුරතාවය

පිරිමි ආධුණික කාණ්ඩය :

ගජබා රෙජිමේන්තුව - ශුරතාවය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා - අනුශුරතාවය

කාන්තා ආධුණික කාණ්ඩය :

2 වන ( ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - ශුරතාවය

4 වන ( ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය - අනුශුරතාවය

Running sports | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5