Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

පැරා බර ඉසිලීමේ ශූරතාවය ශ්‍රී ලාංකා පාබල හමුදාවට

2017 - පැරා බර ඉසිලීමේ තරඟාවලිය රෙජිමේන්තු 7 ක් නියෝජනය කරමින් බර පන්ති 10 ක් යටතේ තරඟකරුවන් 80 කගේ සහභාගිත්වයෙන් සිකුරාදා (28) දින රාගම රණවිරු සෙවනේ දී පැවති අතර, එහි ශූරතාවය ශ්‍රී ලාංකා පාබල හමුදාවටත් එහි අනුශූරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවටත් හිමිවිය.

විශාල ප්‍රේක්ෂක පිරිසක් මධ්‍යයේ පැවති මෙම තරඟාවලියේ සමාප්ති උත්සවයේ ජයග්‍රාහකයින්හට කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු විශේෂ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් හරින්ද්‍ර රණසිංහ විසින් සිදු කරනු ලැබීය.

Sportswear free shipping | M2k Tekno