22nd September 2019 18:35:20 Hours
මේ දිනවල ක්‍රියාත්මක කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය - 2019’ හී අවසන් ප්‍රහාරය දියත් කරනු ලබන ආකාරය පිළිබඳ සොයාබැලීම සඳහා අද (22) දින උදෑසන මින්නේරියේ පිහිටි දියකාවා යුද අභ්‍යාස මෙහෙයුම් මූලස්ථාන වෙත සපැමිණි පකිස්තානු යුද්ධ හමුදාවේ විශේෂ සේවා කණ්ඩායමේ (Special Service Group) සේනාංකාධිපති මේජර් ජෙනරාල් හුසේන් මුම්ටාස් (Major General Hussain Mumtaz) සහ පකිස්තානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකතුමන් වෙත අභ්‍යාස අධ්යක්ෂ මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ ඇතුළු අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් යුද අභ්‍යාසය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරන ලදී.
පකිස්තානු යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් හුසේන් මුම්ටාස් (Major General Hussain Mumtaz), පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියේ යුද අභ්‍යාසය පිළිබඳ අත්දැකීම් ලබාගැනීමට සහ යුද අභ්‍යාසය සඳහා සහභාගී වූ පකිස්තානු හමුදා නිලධාරීන් හමුවීමටය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් 10 වන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර X – 2019’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු ඇතුළු රටවල් 10 ක් නියෝජනය කරමින් විදේශීය හමුදා සාමාජිකයින් සහ නිරීක්ෂකයින් 80 කගේ සහභාගිත්වයෙන් පසුගිය බදාදා (04) දින ආරම්භ කෙරිණි.
මැලේසියාව, මාලදිවයින, නේපාලය, රුසියාව, ඇමරිකා එක්සත් ජනපදය, බංගලාදේශය, චීනය, ප්‍රංශය, ඉන්දියාව, ඉරානය, පකිස්තානය, එක්සත් රාජධානීය, සහ සිම්බාබ්වේ යන රටවල්හි විදේශීය හමුදා නියෝජිතයින් සහ නිරීක්ෂකයින් කමාන්ඩෝ රෙජිමේන්තුව, විශේෂ බලකාය, ගුවන් සංග්‍රාමික බලසේනාවේ සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද්ධ හමුදා සෙබළුන් 2400 ක්, නාවික හමුදා සෙබළුන් 400 ක් සහ ගුවන් හමුදා සෙබළුන් 200 දෙනෙකු සමඟ එක්ව විශේෂ මෙහෙයුම් උපක්‍රම භාවිතා කරමින් මෙම පුහුණු මෙහෙයුම දියත් කරන ලදී.latest Nike release | Nike Off-White