Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th April 2021 11:20:48 Hours

ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමේ සහ සුනඛ හැසීරවීමේ පාඨමාලාව සාර්ථකව හැදෑරු තවත් කමාන්ඩෝ භටයින් පිරිසක් විසිරයති

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවට තවත් අභිමානයක් එක්කරමින්, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ හා ප්‍රථිත්‍රස්ත පාඨමාලා අංක 28 සාර්ථකව හැදෑරු කමාන්ඩෝ භටයින් 56 දෙනෙකු සහ උසස් සටන් සුනඛ පාඨමාලා අංක - 09 සාර්ථකව හැදෑරු කමාන්ඩෝ භටයින් 32 දෙනෙකුගේ විසිරයාමේ පෙළපාලිය පසුගිය බදාදා (07) දින සන්ධ්‍යාවේ ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගි විය.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගත්තේය.

විසිරයාමේ පෙළපාලියේදී, ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ හා ප්‍රථිත්‍රස්ත පාඨමාලා අංක 28 සාර්ථකව හැදෑරු නිලධාරීන් 3 දෙනෙකු හා සෙසුනිලයින් 53 දෙනෙකු සහ උසස් සටන් සුනඛ පාඨමාලා අංක - 09 සාර්ථකව හැදෑරු කමාන්ඩෝ භටයින් 32 දෙනෙකු වෙත පාඨමාලා ලාංඡන රෙජිමේන්තු අධිපති සමගින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් පැළඳවිය.

ප්‍රාණ ඇපකරුවන් මුදවාගැනීමේ හා ප්‍රථිත්‍රස්ත පාඨමාලාවේ හොඳම වෙඩික්කරු සහ හොඳම සිසුවාවට හිමි සම්මාන කපිතන් ඩි.කේ.පී.ඩබ්ලිව්. ජයසේකර විසින් හිමිකරගත් අතර උසස් සටන් සුනඛ පාඨමාලාවේ හොඳම සුනඛ හසුරවන්නාට හිමි සම්මානය කපිතන් එච්.එල් ගුණසේකර විසින් හිමිකරගත්තේය.

පාඨමාලා ලාංඡන පැළඳවීමෙන් අනතුරුව සියලුදෙනා ආමන්ත්‍රණය කළ යුද්ධ හමුදාධිපතිතුමන්, විසිරයන කමාන්ඩෝ භටයින්ට සුබපැතුම් එක්කරමින් රට වෙනුවෙන් ඔවුන් සිදුකල යුතු කාර්යභාර්යේ වැදගත්කම අවධාරණය කළේය. පසුව, පාඨමාලාවන් හැදෑරු කමාන්ඩෝ භටයින් ලද අත්දැකීම් තුළින් නිදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී.

විසිරයාමේ පෙළපාලිය අවසානයේ සියලුදෙනා යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් සමුහ ඡායාරූපයකට ද පෙනීසිටියහ.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වසන්ත මාදොල, බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ, අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු, ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර, ප්‍රධාන සංඥා නිලධාරි මේජර් ජෙනරල් අශෝක් පීරිස්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ සේනාවිධායක මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ගුණරත්න, යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂවරුන්, කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Sneakers Store | Nike