Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st September 2019 10:50:03 Hours

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී සිය ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව විධිමත් සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී ලෙස මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර මීට සති කිහිපයකට පෙර එම ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ සහ 8, 9 හා 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවන්හි විධිමත් සංචාරක නිරතවිය.

නව ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී සැප්තැම්බර් මස 16 වන දින ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ සහ 8 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ සංචාරය කළ අතර 9 වන සහ 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවල සැප්තැම්බර් මස 17 සහ 18 දින සංචාරය කරන ලදී. ඉංජිනේරු බලසේනා මූලස්ථානයට සහ රෙජිමේන්තු මූලස්ථාන වෙත සපැමිණි ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී තුමන්ව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර එහිදී, එම මූලස්ථාන ප්‍රධානීන් විසින් වත්මන් මෙහෙයුම් පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් එතුමන් වෙත ඉදිරිපත් කරනු ලැබීය.

බූඔය පිහිටි ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ සංචාරය කළ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී 2000 වර්ෂයේ මුල් භාගයේ දී 5 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවට අණදෙනු ලැබීය. කඳවුරු පරිශ්‍රයේ සංචාරය අතරතුර, යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සිවිල් සේවකයින්ගේ පහසුකම් පිළිබඳ සොයාබැලූ එතුමන් එම පහසුකම් ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කළේය. එතුමන් සංචාරය කළ සියලුම කඳවුරුවල භටපිරිස් අමතමින් සෑමවිටම කැපීපෙනෙන ඉහළ විනයක් පවත්වා ගනිමින් වෙහෙස මහන්සි වී වැඩකිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. තවද, මුලතිව් සහ මුහමලෙයි ප්‍රදේශයේ සංචාරය කළ එතුමන් මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම්වල ප්‍රගතිය පිළිබඳ සොයාබැලිය. මෙම සංචාරයන් අතරතුරදී, ශ්‍රී ලංකාවේ බිම්බෝම්බ ඉවත් කිරීම සඳහා ඉංජිනේරු සෙබලුන් දක්වනු ලබන කැපවීම එතුමන් අගය කළේය.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී ගජසිංහපුර ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩා සංකීර්ණයේ හදිසි බලාගාර කටයුතු නිරීක්‍ෂණය කරන ලදී. එම සංචාරය අතරතුරදී, යාපනය, කිලිනොච්චි සහ මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් ද හමුවී එතුමන් සුහදව අදහස් හුවමාරු කරගත්හ.  තවද, එතුමන් ඉංජිනේරු බලසේනාව, 9 සහ 10 කාරක ඉංජිනේරු රෙජිමේන්තුවල සිදුකළ සංචාර සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයන්හි පැළ රෝපණය කරනු ලැබීය.

ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු නිලධාරී සිදුකරනු ලැබු මෙම විධිමත් සංචාරය සඳහා ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර, ඉංජිනේරු බලසේනාවේ කර්නල් (ව්‍යාපෘති), 8, 9 හා 10 වන කාරක ඉංජිනේරු රෙජිමේන්තුවල අණදෙන නිලධාරීන් ද සහභාගි වූහ. buy shoes | Women's Nike Superrep