Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th May 2019 13:47:43 Hours

ප්‍රංශයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක ලුතිනන් කමාන්ඩර් පිලිෆ් ගෘසන්මෙයාර් (Lieutenant Commander Philippe Grussenmeyer) පසුගිය අඟහරුවාදා (21) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුව අතරතුරදී, වත්මන් ආරක්‍ෂක තත්ත්වය ඇතුළු පොදු ගැටළු රැසක් පිළිබඳ සාකච්ඡා කරනු ලැබිණි. මෙම සුහද හමුව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ප්‍රංශ තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක වෙත සමරු ඵලකයක් ප්‍රදානය කළහ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ටී.එස් බන්සජයා, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති කර්නල් විපුල ඉහළගේ, කර්නල් පුහුණු කර්නල් ඩබ්.ඒ.බී.ආර් විජේදාස සහභාගි වුහ. Asics footwear | Air Jordan