Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th January 2021 14:57:20 Hours

පසුගිය පැය 24 තුළ මැදපෙරදිග සිටි ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් 645 දෙනෙකු දිවයිනට

ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස්, සෞඛ්‍ය අංශ සහ ගුවන්තොටුපල බලධාරීන් සමඟ එක්ව, සිකුරාදා (15) දින උදෑසනින් අවසන් වූ ගතවූ පැය 24 ක කාලය තුළ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණි මැදපෙරදිග ශ්‍රමිකයින් 645 දෙනෙකු රජය විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත කඩිනමින් යොමු කිරීම සඳහා කටයුතු කළහ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත, විදේශ කටයුතු අමාත්‍යාංශය, ආරක්‍ෂක අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ඒකාබද්ධව මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් නැවත මෙරටට ගෙන්වා ගැනීමට රජය ගත් තීරණයක් අනුව, ගුවන් ගමන්වාර වැඩිකර ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් ගෙන්වාගැනීමේ ක්‍රියාවලිය යළි ආරම්භ කර ඇත.

ඒ අනුව, කටාර්, සවුදි ආරාබිය, කොරියාව, ඕමානය, මාලිදිවයින සහ ඩුබායි යන රටවල සිට ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් 645 දෙනෙකු දිවයිනට පැමිණියහ. එලෙස ඕමානයේ සිට පැමිණි පුද්ගලයින් 288 දෙනාගෙන් 203 දෙනෙකුම විවිධ හේතුන්මත විසා නොමැතිව එරට රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටි පුද්ගලයින් ලෙස වාර්තා වේ. මීට අමතරව, පසුගිය (13) දින ද මැදපෙරදිග සිටි ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් 268 දෙනෙකු මෙරටට ගෙන්වා ඇත. මෙසේ මෙරටට පැමිණි සියලුදෙනා ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු කරන ලදී.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත මෙලෙස දිවයිනට පැමිණි ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් කඩිනමින් නිරෝධායන මධ්‍යස්ථානය වෙත ප්‍රවාහනය කිරීමට පියවර ගන්නා ලදී. ගුවන්තොටුපලේදී ඔවුන් දැක්වූ අදහස් පහතින් දැක්වේ: Sportswear free shipping | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5