Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th January 2021 20:25:01 Hours

පරිත්‍යාගශීලීන් පිරිසක් මුව ආවරණ සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල තොගයක් පරිත්‍යාග කරයි

කොවිඩ්-19 වෛරසය පාලනය කිරීම සඳහා ත්‍රිවිධ හමුදා භටයින් සිදුකරනු ලබන අසමසම කාර්යභාරය අගය කරමින්, (IME Korea) සහ (SD Biosensors) යන සමාගම් ඔවුන්ගේ මෙරට පාර්ශවකරුවන් හරහා අද (18) දින දහවල් යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත පැමිණ මුහුණු ආවරණ තොගයක් සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල තොගයක් පරිත්‍යාග කළේය.

කොරියාවේ සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සාකච්ඡා කිරිමෙන් අනතුරුව, එම සමාගම් දෙක ඒකාබද්ධව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත රුපියල් මිලියන 25 ක් පමණ වටිනා මුහුණු ආවරණ 8,000 ක් සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල 10,000 ක පමණ ප්‍රමාණයක් පරිත්‍යාග කරනු ලැබීය.

ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී සංකේතාත්මකව පරිත්‍යාගයන් භාරගත් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, කොවිඩ්-19 වෛරය පැතිරීම වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදා භටයන් විසින් සිදුකරනු ලබන ක්‍රියාවලිය වෙනුවෙන් දැක්වූ දායකත්වය අගය කළේය.

මෙම අවස්ථාව සඳහා සහභාගී වූ එම කොරියානු සමාගම්වල දේශීය හවුල්කරුවන් වන (Seek Energy Private Limited) හි අධ්‍යක්‍ෂ වරික් සෙඕ මහතා (Warrick SEO), එම පුද්ගලික සමාගමේ මෙරට ප්‍රධානි රූමේෂ් උබයසිරි මහතා සහ එම සමාගමේ සහකාර කළමනාකරු උදාරා සේනානායක යන මහත්වරුන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී මෙම පරිත්‍යාගයන් භාර දුන්හ.

යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරනු ලබන විවිධ කාර්යභාර්යන් පිළිබඳ සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ත්‍රිවිධ හමුදාව, සෞඛ්‍ය සේවකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ගේ කැපවීම පිළිබඳව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන් වෙත කරුණු පැහැදිලි කළේය. Running Sneakers Store | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov