Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st June 2020 22:36:19 Hours

පනාගොඩ යුද්ධ හමුදා රෝහල ඕනෑම අවස්ථාවකට සුදානම් කර ඇති බව කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ හමුදා මාධ්‍ය ප්‍රකාශක හා යුද්ධ හමුදා මුලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (03) දින සන්ධ්‍යාවේ කොව්ඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්විණි.

සිංගප්පූරුවේ (Singapore) සිට UL – 303 දරණ ශ්‍රී ලංකන් මගී ගුවන් යානයෙන් ඊයේ (02) දින සන්ධ්‍යා භාගයේදී දිවයිනට පැමිනි මගීන් 291 දෙනෙකු ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බව මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් කරුණු අනාවරණය විය.

අද (03) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මඟින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,669 දෙනෙකු නිරෝධායන කටයුතු අවසන් කර තම නිවෙස් වෙත පිටත් කර යවා ඇති අතර ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 43 ක් තුළ අද (03) දිනය වනවිටත් පුද්ගලයින් 5,243 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියන බැව්ද වාර්තා විය.

නිරෝධායන මධ්‍යස්ථාන තුළ වැඩි වශයෙන් රාජකාරි කරනු ලබන්නේ විරෝදාර යුද්ධ හමුදා සාමාජිකයින්ය. ඔවුන්ට කොවිඩ් - 19 වෛරසය වැළඳීම වැළැක්වීම සඳහා ගතයුතු සියළු ආරක්‍ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇති නමුත් ඕනෑම අවස්ථාවකදී යුද්ධ හමුදා රණවිරුවන් හට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වුවහොත් ප්‍රතිකාර කිරීම සඳහා පනාගොඩ යුද්ධ හමුදා මූලික රෝහල වෙන් කර ඇත.

අද (03) දිනයේ මේ වනවිට කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින් 40 දෙනෙකු වාර්තා වුණ අතර එයින් පුද්ගලයින් 32 දෙනෙකු විදේශයන්හී සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානයන්හී නිරෝධායනය වන පුද්ගලයින් වේ. ඒ අනුව, අද (03) දින කටාර් - 27, කුවේට් - 03, රුසියාව - 01, ඩුබායි - 01 වශයෙන් විදේශිකයින් වාර්තා විය.

විශේෂයෙන්ම, පසුගිය දින 30 ඇතුළත කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ කිසිම පුද්ගලයෙකු බාහිර සමාජය තුළින් හමු වී නොමැත. සමස්ත රෝගීන් 1682 දෙනෙක් අතරින් රෝගීන් 510 දෙනෙකුම විදේශීය රටවල සිට මෙරටට පැමිණි අයවළුන් බවට ද තොරතුරු වාර්ත වී තිබුණි.

අද (03) දින වනවිට නාවික හමුදාවේ වීරෝදාර රණවිරුවන් 07 දෙනෙකු හට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී හඳුනාගෙන ඇති අතර ඒ අනුව, නාවික හමුදාව තුළ කොවිඩ් - 19 ආසාදිත වීරෝදාර රණවිරුවන් සංඛ්‍යාව 763 ක් ලෙස වාර්ථා වේ. ඉන් 424 දෙනෙකු අදාළ PCR පරික්‍ෂණ සිදු කර මේ වනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇත. එසේම, දැනට වීරෝදාර රණවිරුවන් 339 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව මෙම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් තොරතුරු අනාවරණය විය. jordan release date | adidas Yeezy Boost 350