Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th April 2021 19:05:28 Hours

පනාගොඩ නව ඉන්ධන පිරවුම්හලක් ඉදිකිරීමට මුල්ගල් තබයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (09) දින පනාගොඩ පිහිටි භටනිවාස සංකීර්ණය නිරීක්‍ෂණය කිරීම සඳහා සිදුකළ සංචාරය අතරතුර පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ නව ඉන්ධන පිරවුම්හලක් ස්ථාපිත කිරීම සඳහා මුල්ගල් තැබුවේය.  

යුද්ධ හමුදා ජනපදයේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (Drive-past) ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව බතලවත්තේ ස්ථාපිත කිරීමට යෝජිත ඉන්ධන පිරවුම්හල වෙත ගියේය.

එහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව නව ඉන්ධන පිරවුම්හල ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල තැබුවේය. ඉන් අනතුරුව, 1 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු විසින් නව ඉන්ධන පිරවුම්හල සබැඳිව විස්තරයක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ඉදිරිපත් කළේය. පසුව, මෙම උත්සවයේ අවසානය සනිටුහන් කරමින් බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් වසන්ත ආබෲ විසින් සමරු තිළිණ ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා උපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, සුභසාධන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් කනිෂ්ක හෙයියන්තුඩුව, ඉංජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත කුමාර, ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඇතුළුව ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ සෙසු නිලයින් ද සහභාගී වූහ. spy offers | Women's Designer Sneakers - Luxury Shopping