Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th April 2021 19:49:05 Hours

පකිස්තානු ඒකාබද්ධ ආරක්‍ෂක ප්‍රධානි කමිටුවේ සභාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට සුභපතයි

පකිස්තානු ජාතික දින උත්සවය සඳහා විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා රාවල්පින්ඩි පිහිටි ඒකාබද්ධ මාණ්ඩලික මූලස්ථානයේදී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානි ජෙනරල් නදීම් රාෂා (General Nadeem Raza) හමු වූයේය.

මෙම හමුවේදී කලාපීය ආරක්‍ෂක තත්ත්වය, ද්වීපාර්ශ්වික වෘත්තීමය අභිවෘද්ධිය, යුද පුහුණු අභ්‍යාස සංවිධානය, ආරක්‍ෂක සහයෝගීත්වය සහ වෙනත් වැදගත් කරුණු රාශියක් පිළිබඳ සාකච්ඡා කළහ.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පකිස්තානු ත්‍රිවිධ හමුදාවේ වෘත්තීමයභාවය පිළිබඳ සිය ප්‍රසාදය පලකළ අතර වසර 30 කට අධික කාලසීමාවක් ශ්‍රී ලංකාව මුහුණදුන් ත්‍රස්තවාදී ක්‍රියා වැලැක්වීමට සහ ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා කල සටනට පකිස්තානය දක්වන ලද සහයෝගය නැවතත් සිහිපත් කළ අතර අනාගතයේදී ද පකිස්තානයේ සහයෝගය ලබාදෙනු ඇතැයි අපේක්‍ෂා කරන බව ද ප්‍රකාශ කළේය.

ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ සම්මාන මුර පෙළපාලියක් විසින් ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිගත් අතර ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් සංජය වනසිංහ, පකිස්තානයේ, ඉස්ලාමාබාද් පිහිටි ශ්‍රී ලංකා මහාකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ශිවන්ත කුලතුංග, යුද සේවා සහකාර ඇතුළු නිලධාරින් කිහිපදෙනෙකු සහභාගී වූහ. best shoes | nike fashion