Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2020 11:12:32 Hours

නිරෝධායන ක්‍රියාවලිය සාර්ථකව අවසන් කළ තවත් පුද්ගලයින් 58 දෙනෙකු නිවෙස් බලා පිටත්ව යාමට නියමිතයි

ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන ගන්නෝරුව (ITI) නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 41 ක්, ගන්නෝරුව කෘෂිකර්ම නිවාඩු නිකේතන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයෙකු, නේෂන්ස් බිල්ඩින්ග් කුණ්ඩසාලේ නිරෝධායන මධයස්ථානයෙන් පුද්ගලයෙකු, කෝපරේෂන් සෙන්ටර් පල්ලේකැලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයෙකු සහ නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 14 ක් ඇතුළු පුද්ගලයින් 58 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව, PCR පරික්‍ෂණය සිදුකර අද (01) දින තම නිවෙස් වෙත පිටත් කර යැවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව අද (01) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙනුවට හමුදා මාධ්‍ය ප්‍රකා‍ශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

ඒ අනුව, අද (01) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 11,488 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (01) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 44 ක් තුළ පුද්ගලයින් 5,108 දෙනෙකු මේ වනවිට නිරෝධායනය වෙමින් සිටියි. නාවික හමුදාව තුළින් ගත වූ පැය 24 තුළ කොවිඩ් - 19 ආසාධිත රණවිරුවන් 04 දෙනෙකු වාර්ථා වූ අතර ඒ අනුව, අද (31) දිනය වනවිට කොවිඩ් - 19 වෛරසය අසාදිත වීරෝධාර රණවිරුවන් සංඛ්‍යාව 754 ක් වේ. ඉන් 403 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැර වී ඇත. එසේම, දැනට වීරෝදාර රණවිරුවන් 348 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව එම නිවේදනයේ සඳහන් වේ. Authentic Sneakers | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf