Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th September 2020 09:28:26 Hours

නැගෙනහිර භටපිරිස් වෙරළ පිරිසිදු කිරිමේ ව්‍යාපෘතියක් දියත් කරති

ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට (සැප්තැම්බර් මස 19) සහ ජාතික සමුද්‍ර සම්පත් සංරක්‍ෂණ සතියට සමගාමීව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ප්‍රධාන අපිරිසිදු වී පවතින වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් කිහිපයක් දියත් කරන ලදී. එහිදි, භටපිරිස් විසින් පොලිතින්, ප්ලාස්ටික් බෝතල්, හිස් බියර් කෑන්, හිස් මත්පැන් බෝතල් ආදි විශාල අපද්‍රව්‍ය තොගයක් ආදිය එක් රැස් කොට විනාශ කිරීමට කටයුතු සලසා තිබිණි.

නැගෙනහිර ප්‍රදේශයේ ජීවත්වන සාමාන්‍ය වැසියන් තුළ පරිසරය පිරිසිදු කිරිමේ ඇති වැදගත්කම හා ඒ සඳහා උනන්දුවක් ඇති කිරිමේ අරමුණින් යුතුව නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ ලබාදුන් උපදෙස් හා මඟපෙන්වීම මත මෙම වෙරළ පිරිසිදු කිරීමේ සමාජ සත්කාරක වැඩසටහන සංවිධානය කරන ලදී.

ඒ අනුව, අම්පාර ‘සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය’ සමඟ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව 3 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ මෙන්ම 241 වන බලසේනාව යටතේ ස්ථාපිත 11 සහ 16 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් පොලීසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජියින්ගේ සහයෝගය ඇතිව සැප්තැම්බර් මස 22, 24 සහ 25 දිනයන්හී තම්බිලුවිල්, සින්නමුත්තුවරම් සහ කල්මුණේ යන ප්‍රදේශයන්හී දී වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කිරීම වෙනුවෙන් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

එමෙන්ම, මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතියට සමගාමීව 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 8 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සමඟ අත්වැල් බැඳගනිමින් තිරුක්කෝවිල් වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද දියත් කරනු ලැබූහ.

මේ අතර, 231 බලසේනාව යටතේ ස්ථාපිත 4 වන ගැමුණු හේවා බලඇණිය සහ 11 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් එම ව්‍යාපෘතිය වෙනුවෙන් ස්වෙච්ඡාවෙන් දායක වූ පුද්ගලයින්ගේ සහයෝගය ඇතිව ආරියම්පති, කල්ලාර්, පාසිකුඩා සහ කිරාන් යන වෙරළබඩ ප්‍රදේශයන් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබූහ.

ඒ අයුරින්ම, 221, 223 සහ 233 බලසේනා යටතේ ස්ථාපිත 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 6 වන ගජබා රෙජිමේන්තුව සහ 2 වන (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තු භටපිරිස් විසින් තවත් වෙරළ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සිය බලප්‍රදේශයන් තුල දියත් කළහ. Sport media | Men's Footwear