Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2019 16:11:26 Hours

නැගෙනහිර ප්‍රදේශයේ ආරක්‍ෂක හමුදාවන් භාවිතා කල තවත් ඉඩම් නිදහස් කෙරේ

යුද්ධ හමුදාව ආරක්‍ෂක කටයුතු සඳහා භාවිතා කල නැගෙනහිර පළාතේ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීමේ වැඩසටහනේ 4 වන අදියර යටතේ කුච්චිවෙලි, කල්මූණේ සහ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිරියාය, පෙරියණිලාවේලි සහ තිරුක්කෝවිල් ග්‍රාම සේවා වසම්හි ඉඩම් අක්කර 5.05 ක් සඳුදා (25) දින නිදහස් කිරීමට නියමිතය.

නිදහස් කිරීමට නියමිත ඉඩම්වලින් අක්කර 3.5 ක් පෞද්ගලික ඉඩම් හිමියන්ට අයත් වන අතර ඉතිරි කොටස රජය සතු ඉඩම්ය.

මෙලෙස නිදහස් කිරීමට නියමිත ඉඩම් සඳහා වූ නිල ලේඛණ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නිල වශයෙන් භාරදීමට නියමිතව ඇති අතර මෙම අවස්ථාව සඳහා ආගමික නායකයින්, ආණ්ඩුකාරතුමන්, දිස්ත්‍රික් ලේකම්තුමන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති, රාජ්‍ය නිලධාරීන්, ඉඩම් හිමියන්, ග්‍රාම සේවා නිලධාරීන් ඇතුළු ආරාධිතයින් රැසක් සහභාගිවීමට නියමිතය.

ජනාධිපති කාර්යසාධක බලකායේ උපදෙස් මත යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ මඟපෙන්වීමෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ජාතික ආරක්‍ෂාවට කිසිදු බලපෑමක් ඇති නොවන පරිදි යුද්ධ හමුදාව භාවිතා කල රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් මෙලෙස නිදහස් කෙරේ.

ආරක්‍ෂක හමුදාව හා ජනතාව අතර සුහදත්වය සහ සංහිඳියාව තවදුරටත් ප්‍රවර්ධනය කරමින් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් සඳුදා (25) දින නිදහස් කිරීමට නියමිත ඉඩම් සඳහා වූ නිල ලේඛණ සංකේතාත්මකව භාරදීමට නියමිතය. Authentic Sneakers | Air Jordan 1 Mid "Bling" Releasing for Women - Pochta