Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2021 14:00:24 Hours

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර රාජකාරී අරඹයි

යුද්ධ හමුදා මූලස්ථානයේ 57 වන මාණ්ඩලික ප්‍රධානි ලෙස ගැමුණු හේවා බලකායේ මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර අද (18) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි කටයුතු ආරම්භ කළේය.

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ සිය කාර්යාලයේදී නිල ලේඛණයකට අත්සන් තබමින් නව ධුරයේ රාජකාරී කටයුතු භාරගත්තේය.

ආගමික වතාවත්හී නියැලීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේලා උදෙසා ‘පිරිකර’ පූජාකළ එතුමන් වෙත එම අවස්ථාව සඳහා පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිස නව ධූරය වෙනුවෙන් සුභපැතුම් එක් කළේය.

මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරී භාරගැනීමට ප්‍රථම යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති ලෙස කටයුතු කළේය.

මේජර් ජෙනරල් ඩබ්ලිව් ජී එච් ඒ සෙනරත් බණ්ඩාර 1986 ජනවාරි මස 17 වන දින ශ්‍රී ලංකා යුධ හමුදා නිත්‍ය බළකායට එක් වූ එතුමන් අනතුරුව ගැමුණු හේවා බලකාය වෙත අනුයුක්ත කරන ලදී. එතුමන් 2009 මැයි මාසයට පෙර රට තුළ පැවති යුධ සමය තුළ මානූෂීය මෙහෙයුම් පැවති ප්‍රදේශ ආවරණය වන පරිදි යුද හමුදාවේ ප්‍රධාන පත්වීම් ගණනාවක් හොබවා ඇත.

5 වන ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී, පාබල පුහුණු මධ්‍යස්ථානයේ අණදෙන නිලධාරි, 572 වන ප්‍රහාරක බළකාය අණදෙන නිලධාරී ඇතුළු පත්වීම් රැසක් හොඹවා ඇති මෙතුමන් පූජනීය මඩු දේවස්ථානය කුරිරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවා ගැනීමේ ක්‍රියාන්විතයේදී පෙරමුණ ගෙන කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකි.

තවද, මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරී, යුද්ධ හමුදා මූලස්ථානයේ ස්වාධීන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ, යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති, 11, 54 සහ 61 යන පාබල සේනාංකයන්හී සේනාංකාධිපති මෙන්ම 111 වන බලසේනාවේ බලසේනාධිපති ලෙසද රාජකාරී කටයුතු සිදුකර ඇත.

තවද මෙතුමන් ශ්‍රී ලංකා යුද හමුදා හොකී කමිටුවේ සභාපතිවරයා මෙන්ම දක්‍ෂ ක්‍රීඩකයෙකු වේ.

පාබල හමුදා නිලධාරීයෙකු වන මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂිය මෙහෙයුම් කාලසීමාව තුළ අධිෂ්ඨාන සහගතව නිර්භීතව රණබිම තුළ දස්කම් දක්වමින් තෙවරක් ත්‍රස්ත ප්‍රහාරවලින් තුවාල ලැබු අභිත රණවිරුවෙකි. එතුමන්ගේ දේශප්‍රේමී ධෛරය වෙනුවෙන් දෙවරක් කීර්තිමත් රණ වික්‍රම පදක්කම සහ රණ ශූර පදක්කමින් පිදුම් ලැබු එතුමන් මානූෂීය මෙහෙයුම් සදහා දැක් වූ දායකත්වය වෙනුවෙන් තෙවරක් දේශ පුත්‍ර සම්මානයෙන් ද පිදුම් ලැබීය.

එතුමන් හදාරා ඇති විදේශීය හමුදා පාඨමාලාවන්ට අමතරව, වර්ෂ 1988 තරුණ නිලධාරීන් පාඨමාලාව, වර්ෂ 1994 රෙජිමේන්තු සංඥා නිලධාරීන්ගේ පාඨමාලාව, වර්ෂ 1996 කනිෂ්ඨ අණදෙන නිලධාරීන්ගේ පාඨමාලාව, වර්ෂ 2004 පැරෂුට් පාඨමාලාව, වර්ෂ 2008 ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරී පාඨමාලාව, වර්ෂ 2006 චීනයේ බීජිං නුවර රතු ඇරෝ මිසයිල පාඨමාලාව ඇතුළු පාඨමාලා රැසක් හොඹවා ඇති මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් පාකිස්තානයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

මේජර් ජෙනරල් සෙනරත් බන්ඩාර වර්ෂ 2015 මාර්තු මස සිට 2017 මාර්තු දක්වා කාලය තුළ පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස සේවය කර ඇත.

විවාහ වී ඇති මෙතුමන් පුතුන් දෙදෙනෙකු හා දියණියක ගේ සෙනෙහෙබර පියෙකි. Asics footwear | NIKE