Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th November 2019 10:28:21 Hours

නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරුන් නවදෙනෙකුට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම්

නව උසස්වීම් ලද මේජර් ජෙනරාල්වරුන් නවදෙනෙකු යුද්ධ හමුදා මූලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ඉකුත් බදාදා (20) වන දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී සුහඳ පිළිසඳරක නිරත විය.

එහිදී, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ වගකීම් හා කාර්යභාරයන් මෙන්ම නව උසස්වීම් පිළිබඳ ඔවුන් සමඟ සුහඳ පිළිසඳරක නිරත විය. එම ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන්ගේ අනාගත අවශ්‍යතා පිළිබඳව සොයා බැලු යුද්ධ හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා ව්‍යාපෘතීන් තවදුරටත් වැඩිදියුණු කිරීමට ඇති හැකියාවන් පිළිබඳව ද ඔවුන් සමඟ සාකච්ඡා කළේය.

නව මේජර් ජෙනරාල්වරුන්ගේ නිල උසස්වීම් සනිටුහන් කිරිමට ඔවුන්ගෙන් ඉටු වු සේවාව අගය කරනු පිණිස යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඒ සෑම නිලධාරියෙකු වෙතම අගනා කඩුවක ආකෘතියක් ප්‍රධානය කලේය.

ඉන් පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව උසස්වීම් ලද එම ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත සිය සුභපැතුම් එක් කරමින් යුද්ධ හමුදාවේ ඉදිරි කටයුතු සාර්ථකව සිදුකරගැනීම සඳහා ඉදිරියටත් ඔවුන්ගේ අඛණ්ඩ සහයෝගය ලබාදෙනමෙන් ඉල්ලීමක් ද සිදු කළේය.

මෙසේ අභිනවයෙන් උසස්වීම් ලැබු මේජර් ජෙනරාල්වරුන් වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට අයත් 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ.සී. ගමගේ, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් 55 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.එන්.එස්. කොටුවේගෙදර, ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් බුත්තල ස්ථාපිත නිලධාරි ප්‍රගමණ ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් කේ.ජේ. ජයවීර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් 59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කේ.එච්.පී.පී. ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පාබල හමුදාවට අයත් 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එම්.ඩී. විජේසුන්දර, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් බුද්ධි අධ්‍යක්‍ෂ මේජර් ජෙනරාල් ඒ.එස්.හේවාවිතාරණ, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.ඒ.එල්. රත්නායක, ගැමුණු හේවා බලකායට අයත් 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එස්.එස්. වඩුගේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායට අයත් කෘෂිකර්ම හා පශූ සම්පත් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ඒ.කේ.ඒ.බී. ගුණරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති එම අවස්ථාවට එක්විය. Buy Kicks | jordan Release Dates