Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2021 13:30:04 Hours

ධාවනය කරමින් තිබු මගී බස්රථයක හදිසියේ ඇති වූ ගින්නක් යුද්ධ හමුදා භටපිරිස් විසින් පාලනය කරයි

ආලන්කුලම ප්‍රදේශයේ ගමන් කරමින් තිබු පුද්ගලික බස්රථයක් තුළ 2021 ජනවාරි මස 14 දින හදිසියේ ඇති වූ ගින්නක් පිළිබඳ සැළ වූ විගස වන්නි ආරක්‍ෂ සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 651 වන බලසේනාව යටතේ ඇති 17 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් ගින්න පාලනය කිරීමට සමත් වූහ.

65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසනායක ගේ උපදෙස් පරිදි 651 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත බණ්ඩාර ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ භටපිරිස් එම ස්ථානයට පැමිණ ගින්න මැඩපැවැත් වූ අතර, ගින්න ආරම්භ වන අවස්ථාවේ කිසිදු මගියෙකු බස්රථය තුළ රැදි නොසිටි අතර එම බස්රථයේ රියදුරු සහ කොන්දොස්තර මහතා පමණක් එහි සිට ඇත. Running Sneakers Store | Nike