Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

දේවස්ථාන මංගල්‍ය සඳහා 515 බලසේනා භට පිරිස්හි සහාය

යාපනය ආරක්කෂ සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 51 වන සේනාංකයට අයතු 515 බලසේනා භට පිරිස් යාපනය, තායිඩ්ඩි නැගෙනහිර පිහිටි Our Lady of Good Health Church (Annai Vailan Kanni Church) හි ඉරිදා (26) දින පැවති දේව මංගල්‍ය සඳහා සහභාගි වූ බැතිමතුන් වෙත කූඩාරම්, සනීපාරක්ෂක පහසුකම් සහ පානීය ජලය ඇතුලු පහසුකම් සලසාදෙන ලදි.

මෙම දේව මංගල්‍ය අච්චුවේලි මීසම් භාර පූජක සී. ජේකුමාර් පියතුමන් විසින් සිදු කළ අතර, ඒ සඳහා තිරුවලිවර් ගම්මානයේ බැතිමතුන් 100 කට අධික පිරිසක් සහභාගි වූහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අන්ගජන් රාමනාදන් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මලිංගම් සිද්ධාර්තන් මහතා සහ තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කේ. ශ්‍රී මෝහනන් මහතා ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Running sports | Womens Shoes Footwear & Shoes Online