Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2020 23:51:47 Hours

දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45 ක් දැන් ක්‍රියාත්මක වන බව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි

‘කොඩිඩ් - 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ’ අද (22) දින පස්වරුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති මාධ්‍ය සාකච්ඡාවකදී එතුමන් ප්‍රකාශ කරනු ලැබුවේ දිවයින පුරා නිරෝධායන මධ්‍යස්ථාන 45 ක රටවල් 17 කින් පැමිණි විදේශිකයින් 31 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 3506 දෙනෙකු මේ වන විට නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කර ඇති බවයි.

එමෙන්ම, සෞඛ්‍ය අංශ, යුද්ධ හමුදාව, පොලීසිය සහ බුද්ධි අංශ ඒකාබද්ධව සිදුකරන ලද පරීක්‍ෂණ වලදී මාර්තු මස 2 සිට 15 දින දක්වා කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 15,000 ක් පමණ විදේශ රටවලින් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව තහවුරු වී ඇති බැවින් ඔවුන්ගේ ක්‍රියාකලාපයන් කෙරෙහි අවධානයෙන් පසුවිය යුතු බවත් ඇතැමුන් මේ වන විටත් ස්වයං නිරෝධායන කටයුතු වල යෙදී සිටින බවටත් තොරතුරු වාර්තා වී ඇත.

තවද, ඉරිදා (22) දින මධ්‍යහන වන විට කොවිඩ් - 19 වෛරස් ආසාධිත රෝගීන් සංඛ්‍යාව 82 දක්වා වර්ධනය වී ඇති අතර දිවයින පුරා පනවනු ලැබූ පොලිස් ඇඳිරි නීතිය කොළඹ, ගම්පහ සහ පුත්තලම යන දිස්ත්‍රික්ක වලට හැර සෙසු දිස්ත්‍රික්ක වලට සඳුදා (23) දින පෙරවරු 0600 ට ඉවත් කර නැවත පස්වරු 0200 ට පනවනු ලබයි. එමෙන්ම එම ඇඳිරි නීතිය නැවත පසු දින පෙරවරු 0600 ට ඉවත් කෙරේ.

කොළඹ, ගම්පහ, පුත්තලම, යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අඟහරුවාදා (24) දින පෙරවරු 6.00 ට ඉවත් කර එදිනම පස්වරු 2.00 ට නැවත දැනුම්දෙන තුරු පැනවීමට නියමිතව ඇත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කාලය තුළ ළඟම ඇති පොලිස් ස්ථානයෙන් නිකුත් කළ බලපත්‍රයක් සමඟ ආහාර සහ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කිරීමේ හැකියාව ද පවතී.

තවද, ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසුව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීමට මහජනතාව වෙළඳසැල්වටල එක්රැස් වන විට මීටරයක පරතරයක් වන දුර ප්‍රමාණයක් එකිනෙකා අතර පවත්වා ගත යුතු බවද දැනුම් දෙනු ලැබේ.

කොවිඩ් - 19 වෛරසය වැඩිහිටි වයෝවෘර්ධ අයවලුන්ට ආසාදනය වීමේ වැඩි හැකියාවක් ඇති බැවින් ඔවුන් බාහිර පරිසරයට නිරාවරණය නොවී නිවාසවලට සීමා විය යුතු බවද දන්වා සිටිනු ලබයි.

මේ වන විට මුල්ලේරියාව ප්‍රදේශයේ පිහිටි අයි.ඩී.එච් රෝහලේ කොවිඩ් - 19 වෛරසය ආසාධිත රෝගීන් 74 දෙනෙකු සහ වැලිකන්ද රෝහලේ රෝගීන් 7 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටිති.

ක්ලෝරෝක්වින් (Chloroquine) සහ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් (Hydroxychloroquine) නම් චිකිත්සක ඖෂධ මෙම වෛරසයට ඖෂධ වශයෙන් නියම කර නොමැති අතර එම ඖෂධ වෛද්‍යවරයෙකුගේ අනුමැතියකින් තොරව අලෙවි කිරීම තහනම් බව ඔසුසැල්වලට දන්වා සිටිනු ලැබේ.

පසුගිය පැය 24 තුළ (මාර්තු 21-22) ඉන්දියාවේ සිට මෙරටට පැමිණි වන්දනාකරුවන් මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇත.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ළමා ස්නායු විශේෂඥ්‍ය වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය විසින් කරනු ලැබූ ප්‍රකාශයන් ඇතුළත් වීඩියෝ දර්ශන සහිත වාර්තාවන් පහතින් දක්වා ඇත: Nike Sneakers | adidas Yeezy Boost 350