Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2022 09:45:53 Hours

තෛපොංගල් දිනය සනිටුහන් කරමින් යාපනය ප්‍රදේශයේ සරුංගල් සැණකෙලියක්

සිවිල් වැසියන් සහ ආරක්‍ෂක අංශ අතර සුහදත්වය වැඩිදියුණු කිරීමට තෛපොංගල් දිනය (14) සනිටුහන් කරමින් කන්කසන්තුරේ වෙරළ තීරයේදී සරුංගල් සැණකෙලියක් පැවැත්වුණු අතර එම අවස්ථාවට ප්‍රදේශයේ තරුණ තරුණියන්, කුඩා දරුවන් ඇතුළු සිවිල් වැසියන් රැසක් සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ලබාදුන් උපදෙස් මත 51 වන සේනාංකයේ භටපිරිස් විසින් මෙම සරුංගල් සැණකෙලිය ක්‍රියාත්මක කරන ලදී. මෙම සැණකෙලිය වර්ණවත් අයුරින් පැවැත්වීම සඳහා යාපනය, ඉලවාලෙයි යෞවන සමාජයේ තරුණ තරුණියන්ගේ නොමසුරු සහයෝගය ද හිමිවූහ.

කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් වසර දෙකකට පමණ පසුව සිවිල් වැසියන්ගේ සහ හමුදා සාමාජිකයින්ගේ මූලිකත්වයෙන් පැවැත්වූ මෙම සැණකෙලිය සඳහා සරුංගල් 200 කට අධික සංඛාවක් එක්කර තිබිණි.

මෙම සැණකෙලිය සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා, 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම්, රාජ්‍ය නිලධාරින්, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් විශාල පිරිසක් එක්ව සිටියහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ගේ යෝජනාවක් මත ක්‍රියාත්මක කරනු ලැබූ මෙම සරුංගල් සැණකෙලිය සඳහා තෙලිප්පලෙයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රදේශයේ යෞවන සමාජ කිහිපයක සහයෝගය ද හිමිවිය.

මෙම වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකළ 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ විසින් මෙම අවස්ථාවට එක්වන ලෙස හමුදා සාමාජිකයින් දිරිමත් කරන ලදී.

මෙම සරුංගල් සැණකෙලිය නැරඹීම සඳහා සහභාගී වූ උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා මහතා මෙම වැඩසටහන වර්ණවත්ව පැවැත්වීම වෙනුවෙන් ලබාදුන් හමුදා දායකත්වය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට සහ යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු සියලුම ආරක්‍ෂක අංශ සාමාජිකයින්ට සිය කෘතඥතාව පුද කළේය.