Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th March 2019 13:55:22 Hours

තවත් පාසල් සිසුන් කණ්ඩායමක් පලාලි ගුවන්තොටුපලෙහි සංචාරයක

සාමය, සංහිඳියාව සහ සුහදත්වය ප්‍රවර්ධනය කරමින් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරතවූ යාපනය ප්‍රදේශයේ පාසල් සිසුන් පිරිසක් සඳහා සිය සහයෝගය දක්වයි.

ඒ අනුව, පූතූර් හි පිහිටි මඩිහේ පඤ්ඤාසීහ වීද්‍යාලයේ සහ වටරාවට්ටෙයි විග්නේෂ්වර විද්‍යාලයේ ඉගෙනුම ලබන පාසල් සිසුන් 79 ක් ඇතුළු ගුරුවරුන් සහ දෙමව්පියන් පිරිසක් පසුගිය සඳුදා (18) දින පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරතවූ අතර යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ගේ උපදෙස් මත ඔවුනට අවශ්‍ය සහයෝගය ලබාදුන්හ.

පලාලි ගුවන් තොටුපලේ සංචාරයක නිරතවූ මෙම පිරිසට යුද්ධ හමුදා සාමාජිකයින් ආහාරපානවලින් සංග්‍රහ කළහ. best shoes | Nike Off-White