Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th March 2020 21:03:59 Hours

"තවත් ගම්මානවල ව්‍යාපාර කටයුතු සීමා කර ඇති බැවින් ගෘහස්ථව රැඳී සිටීමට ජනතාව උනන්දු කර තිබේ” යනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි

පොලිස් නිලධාරින්ගේ සහ යුද්ධ හමුදා භටපිරිස්හි සහයෝගය ඇතිව මහජන සෞඛ්‍ය බලධාරින් විසින් ඉකුත් සෙනසුරාදා (28) දින සන්ධ්‍යාවේ කදයාන්කුලම් සහ අකුරණ යන ප්‍රදේශවලින් තවත් කොවිඩ් - 19 වෛරසය ආසාධනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයින් කිහිපදෙනෙකු සොයාගැනීමක් සමඟ එම ගම්මාන වලට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර ඇති බව රාජගිරිය ප්‍රදේශයේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය‍.

ඒ අනුව, කදයාන්කුලම් ප්‍රදේශයේ ගම්වාසින් සති දෙකක කාලයක් වැඩිදියුණු කරන ලද ස්වයං නිරෝධායන මධ්‍යස්ථානයකට සීමා කර නිරෝධායනයට ලක් කර ඇති අතර ඇති අතර වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් මහජනයාගේ ගමන් බිමන් වළක්වමින් අකුරණට ඇතුළු වන සියලුම මාර්ග මුද්‍රා තබා ඇත.

වයස අවුරුදු 61 ක් වූ ඉන්දියාවේ සිට පැමිණි අකුරණ ප්‍රදේශයේ පුද්ගලයෙකු සහ පුත්තලම ප්‍රදේශයේ වෙසෙන 50 හැවිරිදි ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙකු මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුල්ලෙරියාව ප්‍රදේශයේ පිහිටි ජාතික බෝවෙන රෝග රෝහලට ඇතුළත් කර ඇත. මීට අමතරව, බණ්ඩාරගම, අටුළුගම ප්‍රදේශයේ තවත් එක් වෛරස් ආසාධිත රෝගියෙකු සිටින බවට අනාවරණය වීමත් සමඟ එම ප්‍රදේශයේ වෙසෙන පුද්ගලයින් 20 දෙනෙකු සර්වෝදය ගොඩනැගිල්ලේ වැඩිදියුණු කරන ලද නිරෝධායන මධ්‍යස්ථානය තුළ හුදකලා කර ඇත. යනුවෙන් ද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් හවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් පැවසීය. Running Sneakers Store | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos