Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ඩෙංගු මර්ධනයට කිලිනොච්චි භට පිරිස් සහාය

කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම අනුව හමුදා භට පිරිස් විසින් පසුගියදා (17) කිලිනොච්චි ප්‍රදේශයේ පැවැත්වු ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරයට ක්‍රියාකාරිව දායක වුහ.

57, 65 සහ 66 වන සේනාංක වලට අයත් 700 කට වැඩි හමුදා භට පිරිසක් කිලිනොච්චි, පුනරීන්, මුලන්කාවිල්, විශ්වමඩු සහ කන්දවලෙයි ප්‍රදේශයන්හි වෛද නිලධාරින්, පොලිසිය, ප්‍රදේශවාසින් සහ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් සමඟ එක්ව මෙම ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා ක්‍රියාකාරිව එකතු වුහ.

සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් මෙහෙයවන මෙම ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපාරය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවති.

Sports brands | Trending