Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st June 2020 22:30:19 Hours

ජාතික අවශ්‍යතාවය වෙනුවෙන් ඩොල්ෆින් හෝටලය සිදුකළ සුවිශේෂී සහ දේශප්‍රේමි කැපවීම යුද්ධ හමුදාධිපතිතුමන් අගය කරයි

කොවිඩ්-19 වෛරසය දිවයින පුරා ව්‍යාප්තවීමත් සමඟ පැනනැගි ඇති ජාතික අවශ්‍යතාවයට ප්‍රථමයෙන් සිය දායකත්වය දක්වමින් යුද්ධ හමුදාව විසින් සිදුකරනු ලබන නිරෝධායන ක්‍රියාවලිය සඳහා ඩොල්ෆින් හෝටලය (Club Hotel Dolphin) කිසිදු අයකිරීමකින් තොරව ලබාදෙමින් එහි කාර්ය මණ්ඩලය සිදුකරනු ලැබූ ප්‍රශංසනීය කැපකිරීම අගය කළ කොවිඩ් - 19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම හෝටලයේ නියෝජිතයින් සහ සම්බන්ධීකරණ නිලධාරින් පසුගියදා යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවා ඩොල්ෆින් හෝටලයේ සභාපති ඇතුළු කළමණාකාරිත්වයට සිය හෘදයාංගම කෘතඥතාවය පුද කළේය‍.

මෙම ජාතික අවශ්‍යතාවය පිළිබඳ අවධානය යොමු කළ අතිගරු ජනාධිපතිතුමන් සහ අග්‍රාමාත්‍යතුමන් කොවිඩ්-19 පැතිරීම වැළක්විමේ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කළ අතර ලෝකය පූරා සීඝ්‍රයෙන් පැතීරයන මෙම වෛරසයට මුහුණදීම සඳහා අත්‍යාවශය කාලෝචිත පියවරක් ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන ලදී. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා දැවැන්ත කාර්ය්‍යභාරයක් ඉටුකිරීමට පැවිරිනි.

මේ අනුව, දිවයිනට පැමිණිමට නොහැකිව විදේශිය රටවල රැඳි සිටින ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් ගෙන්වා ගැනීම සහ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් සමීපව ඇසුරු කළ පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව විසින් නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකළ අතර කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත වැඩිදියුණු කරන ලද නිරෝධායන මධ්‍යස්ථානයන්හි ඉඩ පහසුකම් අඩුවෙමින් පැවතිනි.

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ජිවිතවලට පවා අවධානමක් එල්ලවූ අවධියක අතිගරු ජනාධිපතිතුමන්, ගරු අග්‍රාමාත්‍යතුමන් සහ යුද්ධ හමුදාධිපතිතුමන් පිළිබඳ විශේෂ සැලකිල්ලක් දක්වමින් වෙරළබඩ මුහුදු තීරයේ වයඹ දෙසින් පිහිටි වඩාත් සුඛෝපභෝගී හෝටල් අතරින් එකක් වන මීගමුව, වයික්කාල් පිහිටි ක්ලබ් හෝටල් ඩොල්ෆින් නැමති හෝටලය (Club Hotel Dolphin), නිරෝධායන කටයුතු සඳහා පහසුකම් සැලසීමට එහි කාර්යමණ්ඩලය ප්‍රථමවරට ඉදිරිපත් විය. හේමාස් හෝල්ඩින්ග්ස් සභාපති සහ සෙරන්ඩිබ් හොටෙල් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ අබ්බාස් එසුෆලි මහතා (Mr Abbas Esufally) විශ්‍රාමික මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු සහ ශිරෝමි මසකෝරල මහත්මිය සමඟ සම්බන්ධීකරණයෙන් කාමර 154 කින් සමන්විත ගුවන්තොටුපළට ආසන්නයේ පිහිටි මෙම හෝටලය කාර්ය මණ්ඩලයේ කොටසක් ද සමඟ කිසිදු අයකිරිමකින් තොරව මෙම ජාතික අවශ්‍යතාවයට පුමුඛත්වය ලබාදෙමින් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකර තිබුණි.

ක්ලබ් හෝටල් ඩොල්ෆින් හෝටලයේ (Club Hotel Dolphin) කළමණාකරු සුරේෂ් අතුකෝරාල මහතා, සියලුම විධායක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 60 කට වැඩි සංඛ්‍යාවක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් සමඟ එක්ව මාර්තු 29 වන දින ආරම්භ කරන ලද මෙම කාර්යය සඳහා සිය දායකත්වය දක්වමින් පුද්ගලයින් 229 කට අධික පිරිසක එම හෝටලයේ තුළ නිරෝධායන කරන ලදී. මේ වනවිට මෙම හෝටලය තුළ සිදු කළ නිරෝධායන කටයුතු සම්පුර්ණයෙන්ම අවසන් කර ඇති අතර සුපුරුදු පරිදි හෝටලයේ වාණිජ කටයුතු නැවත ආරම්භ කිරීමට හැකියාව ඇත. මෙම නිරෝධායන ක්‍රියාවලිය සමය තුළ අවශ්‍යතා සඳහා එම හෝටලයට රුපියල් මිලියන 6.3 ක මුල්‍ය පිරිවැයක් දැරීමට සිදු වී තිබුනි.

රටෙහි පැවැති තීරණාත්මක මොහොතේදී ජාතියේ යහපැවැත්ම කෙරෙහි ඔවුන් දැක්වූ සුවිශේෂී ත්‍යාගශීලීභාවය සහ කැපවීම පිළිබඳව ඔවුන්ට ප්‍රශංසා කළ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා එම හෝටලේ කාර්යමණ්ඩල සාමාජිකයින්ට සංකේතාත්මක සමරුතිළිණ සහ ඔවුන් සිදුකරන ලද සත්කාරය වෙනුවෙන් ප්‍රශංසාත්මක ලිපියක් ප්‍රදානය කළේය.

හේමාස් හෝල්ඩින්ග්ස් සභාපති සහ සෙරන්ඩිබ් හොටෙල් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ අබ්බාස් එසුෆලි මහතා (Mr Abbas Esufally), සෙරන්ඩිබ් හොටෙල් සමූහ ව්‍යාපාරයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ ශාන්ත කුරුම්ඹලපිටිය මහතා, ක්ලබ් ඩොල්ෆින් හෝටලයේ (Club Hotel Dolphin) ප්‍රධාන කළමනාකරු සුරේෂ් අතුකෝරාළ මහතා, ක්ලබ් ඩොල්ෆින් හෝටලයේ (Club Hotel Dolphin) අධ්‍යක්‍ෂ කුෂාන් පතිරාජ මහතා, හේමාස් සමුහ ව්‍යාපාරයේ ප්‍රධාන කළමනාකර ශීරෝමි මාසකෝරාල මහත්මිය, හෝමාස් සමුහ ව්‍යාපාරයේ ආරක්‍ෂක උපදේශක මේජර් ජෙනරාල් (විශ්‍රාමික) දුෂ්‍යන්ත රාජගුරු මෙම ජාතික අවශ්‍යතාවයට දැක්වූ දායකත්වය අගය කළ අයවලුන් අතර වූහ. short url link | Air Jordan Release Dates 2020