Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th April 2021 16:04:40 Hours

ජ්‍යෙෂ්ඨ නිලධාරින් ගේ නිවාඩු නිකේතනය අලුත්වැඩියාවට ලක් කෙරේ

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු ඉහළ නංවමින් පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපනය කර තිබූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා වූ නවීකරණය කරන ලද නිවාඩු නිකේතනය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් පසුගිය සිකුරාදා (09) දින විවෘත කරන ලදී.

මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් පිළිගනු ලැබුවේ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් වසන්ත ආබෘෘ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසිනි. ඉන් අනතුරුව, එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය (drive-past) පිරිනමනු ලැබූහ. පසුව, යුද්ධ හමුදාධිපතිතුමන් මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සමරු ඵලකය නිරාවරණය කර නිවාඩු නිකේතනය විවෘත කළේය.

අබලන් තත්වයේ පැවති ජෙනරල්වරුන්ගේ නිවාඩු නිකේතනය යුද්ධ හමුදාවේ විවිධ ආයතනවල සේවය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සහ ඔවුන්ගේ පවුල්වලට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා යුද්ධ හමුදාධිපතිවරයාගේ යෝජනාවක් මත ප්‍රතිසංස්කරණය කරන ලදී. මෙම නිවාඩු නිකේතනය විවෘත කිරීමෙන් අනතුරුව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ එම පරිශ්‍රයේ නීරීක්‍ෂණ චාරිකාවක නිරත වූයේය.

මෙම අවස්ථාවට උපකරණ මාස්ටර් ජෙනරල් මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු, කෘෂිකර්ම හා පශුසම්පත් අධ්‍යක්‍ෂ මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් කන්දනආරච්චි, නව ඉඩම් හා දේපල භඨනිවාස අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ප්‍රියත්ත සිල්වා, ඉන්ජිනේරු සේවා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත කුමාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් ද සහභාගී වූහ. Sport media | Nike