Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th April 2020 19:22:17 Hours

ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකරණ කාර්යාලය විසින් වියළි සලාක සහ ආහාර පාර්සල් බෙදාදීමට මූලික අනුග්‍රහකත්වය දක්වයි

ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බන්ධීකරණ කාර්යාලයට අනුයුක්තව සේවය කරනු ලබන නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයන් ගේ මූල්‍යමය පරිත්‍යාගය ඇතිව කැළණිය රජමහා විහාරස්ථානයේ වැඩ වාසය කරන ස්වාමින් වහන්සේලාට දානය පූජා කිරීම මෙන්ම එම විහාරස්ථාන භූමිය අවට සිටි යාචකයින්ට සහ දිළිදු වැඩිහිටියන් සඳහා දිවා ආහාර පාර්සල් 250 ක් සහ වියළි ආහාර සලාක පාර්සල් තොගයක් ඉකුත් බදාදා (1) දින පරිත්‍යාග කරනු ලැබීය.

දිවයින පුරා පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් කැළණිය විහාරස්ථානයෙන් සිය නිවෙස් බලා පිටත්ව යාමට නොහැකිව සිටි බැතිමතුන් පිරිසක් සහ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන වැඩිහිටියන් මෙන්ම යාචකයින් පිරිසක් අරමුණු කරගනිමින් මෙම උතුම් සමාජ සත්කාරය ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක සම්බණ්ධිකරණ කාර්යාලයේ නිලධාරීන්ගේ උපදෙස් මත එහි සාමාජිකයන් විසින් දියත් කරනු ලැබිණි. Nike sneakers | adidas poccnr jumper dress pants size