Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th May 2020 20:00:31 Hours

ජනාධිපති කාර්ය සාධක බලකායේ සහ ලංකා නැව් හා වරාය නියෝජිතයින්ගේ සංගමයේ සාමාජිකයින් එක්ව සාකච්ඡාවක

ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයින්, රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ඉහළ මට්ටමේ නැව් සමාගම්වල සාමාජිකයින් අතර සාකච්ඡාවක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සිකුරාදා (22) දින මධ්‍යහනේ යුද්ධ හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. මෙම සාකච්ඡාවේදී, කොවිඩ් -19 වෛරසය ලෝවපුරා ව්‍යාප්තවීම හේතුවෙන් නැව්වලට විදේශීය වරායන්ට ඇතුළුවීමට සහ පිටවීමට ඉඩ නොදෙන බැවින් අතරමං වී සිටින නැව් කාර්ය මණ්ඩල සාමාජිකයින් ශ්‍රී ලංකා වරායන් හරහා ක්‍රමවේදයකට අනුව මාරු කිරීම සම්බන්ධයෙන් ප්‍රායෝගික විධිවිධාන සකස් කිරීමේ ක්‍රමවේදයන් පිළිබඳ සාකච්ඡා කරන ලදී.

ශ්‍රී ලාංකිකයින් ද ඇතුළුව 3000 කට අධික නැව් කාර්ය මණ්ඩල සාමාජිකයින් ප්‍රමාණයක් ලෝවපූරා වරායන්හි අතරමංව සිටින බවත් ඔවුන්ගේ නැව්වලට ගොඩබෑමට හෝ වරායන්ට ගොඩබැසීමට නොහැකිවීම සහ ශ්‍රී ලංකාවට විදේශීය හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණයේ යෙදීමට නොහැකිවීම වළක්වාගැනිම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස් කළ හැකි බවත් මෙම සාකච්ඡාවට සහභාගි වූ ඉහළ පෙළේ නාවිකයින් පෙන්වාදුන්හ. පසුගිය මාස දෙකේදී, මුහුදේ අතරමං වූ එවැනි පුද්ගලයින් 12 දෙනෙකු බේරාගෙන හැකි උපරිම අයුරින් ප්‍රතිකාර කර ඔවුන් නිරෝධායනය කිරීමට ශ්‍රී ලංකාව සමත්විය. එබැවින්, මේ සඳහා අවශ්‍ය හෝටල් ලබාගැනීම, ගුවන්තොටුපල සහ වරායන් ඉවත් කිරීමේ උපාය මාර්ග, එම මෙහෙයුම්වල පිරිවැය, රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ කාර්යභාරයන්, සෞඛ්‍ය අංශ යනාදිය මෙම හමුවේදී සාකච්ඡාවට බඳුන් විය.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක, විදේශ සම්බන්ධතා - ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නාවික ක්‍රියාන්විත (DGNO) රියර් අද්මිරාල් වයි.එන්. ජයරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන කටයුත් පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය රෝෂාන් සම්පත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ආනෝල්ඩ්, සහකාර පාලක ආගමන ජයන්ත රත්නායක මහතා, ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමයේ සභාපති ඉක්රාම් කුට්ටිලන් මහතා, ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමයේ උප සභාපති ශහීරා ජයවර්ධන මහත්මිය, ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමයේ එස්. සබ්රා මහතා, ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමයේ පී. දඩල්ලගේ මහතා, ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමයේ ඒ. වෙලගෙදර මහතා, ලංකා නැව් නියෝජිතයින්ගේ සංගමයේ ආර්. මෙන්ඩිස් මහතා, රක්න ලංකා සභාපති දුලිත විජේතිලක මහතා, ඇවන්ගාඩ් සමාගමේ කපිතන් රාජරත්න සහ ඇවන්ගාඩ් සමාගමේ කමන්ඩර් ඩබ්ලිව්.එන්. දියබලානගේ සහභාගි වූහ. Running sport media | Men's Footwear