Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th August 2022 17:00:00 Hours

ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන් කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ සංචාරයක

නැඟෙනහිර ප්‍රදේශයේ පසුගිය සෙනසුරාදා (6) දින සිදුකළ සංචාරයක් අතරතුර කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපල පරිශ්‍රය වෙත සපැමිණි ගරු කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මැතිතුමන් ගොවිපළ පරිශ්‍රය තුළ යුද්ධ හමුදා භටපිරිස් විසින් වගාකරනු ලබන බඩඉරිඟු සහ අමු මිරිස් වගාවන් පිළිබඳ නිරීක්‍ෂණය කරනු ලැබීය.

මෙම සංචාරයේදී, කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපළේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වගා කරනු ලබන භෝග වර්ගවල ඵලදායිතාව, කාබනික පොහොර භාවිතය සහ කාලීන භෝග වර්ග පිළිබඳව ද අමාත්‍යතුමන් විසින් සොයාබැලු අතර කෘෂිකාර්මික කටයුතුවල ප්‍රවර්ධනය වෙනුවෙන් යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබන කාර්යභාරය ඇගයීමට ලක්කළේය.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්‍ෂ සහ 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශූසම්පත් බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් බී.එම්.ටී.ඒ. බැද්දේවෙල ද සහභාගී වූහ.