Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th January 2019 19:38:06 Hours

ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා යුද්ධ හමුදාව සිදුකල කාර්යභාර්ය බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමන් ප්‍රශංසාවට ලක් කරයි

එක්සත් රාජධානී බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ගරු ජේම්ස් ඩවුරිස් මහතා (Mr James Dauris) බදාදා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. මෙම සුහද හමුව සඳහා බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක කර්නල් ඩේවිඩ් අෂ්මාන් (Colonel David Ashman) සහ නික්මයන ආරක්‍ෂක උපදේශක ගෲප් කපිතාන් ෆ්රේසර් නිකල්සන් (Group Captain Frazer Nicholson) ද සහභාගි වූහ.

මෙම සුහද සාකච්ඡාව අතරතුරදී පසුගියදා උතුරු සහ නැගෙනහිර පළාත්හි ඇතිවූ ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන් මුදාගැනීමේ දී යුද්ධ හමුදාව දැක්වූ දායකත්වය සහ සහන සැලසීමේදි සිදුකරනු ලැබු විශිෂ්ඨ කාර්යභාර්ය බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්තුමන් ප්‍රශංසාවට ලක් කළහ. මීට අමතරව, රට තුල මෑත කාලයේ පැවැති දේශපාලන අර්බුදය හමුවේ යුද්ධ හමුදාවේ ආදර්ශවත් ගමන්මග ද එතුමන් ඇගයුමට ලක් කළහ.

අනතුරුව, නික්මයන මහකොමසාරිස්තුමන් යුද්ධ හමුදාව ලබාදුන් සහයෝගයට සිය ප්‍රශංසාව පල කල අතර, මහකොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශකතුමන් ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත හඳුන්වාදුන්හ. නික්මයන ආරක්‍ෂක උපදේශකතුමන් ශ්‍රී ලංකාවේ රැඳිසිටි කාලයතුල තමන් වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ද සිය කෘතඥතාවය පුද කළහ.

එක්සත් රාජධානී බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් ගරු ජේම්ස් ඩවුරිස් මහතා (Mr James Dauris) යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්මයාමට පෙර, මෙම අවස්ථාව සංකේතවත් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සටහනක් ද තැබීය.

එමෙන්ම, බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්තුමන් නික්ම යාමට ප්‍රථම ශ්‍රී ලංකාව තුල රැදි සිටින කාලයේ දී ගරු රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යතුමන්, ආරක්‍ෂක ආමත්‍යංශයේ ආරක්‍ෂක ලේකම්තුමන් මෙන්ම ගුවන් සහ නාවික හමුදාධිපතිවරුන් ද හමුවීමට නියමිතය. Mysneakers | jordan Release Dates