Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2021 17:57:34 Hours

කොවිඩ්-19 වෛරසය පැතීරිම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක වැඩපිළිවෙල අගය කරමින් හිටපු මහා භාරකරුගෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ට විශේෂ පණිවිඩයක්

ඕස්ට්‍රේලියාවේ පදිංචි ජනාධිපති නීතිඥ සහ ශ්‍රී ලංකාවේ හිටපු මහා භාරකාර සනත් වීරත්න මහතා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ දැනට කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සිදුකරනු ලබන ක්‍රියාදාමය මනා සැලසුමක් සහිතව ක්‍රියාතමක වන බවත්, ඔහුගේ පෞද්ගලික මතය අනුව ඔහු දැනට පදිංචිව සිටින රටේවත් මෙවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවන බවත් සඳහන් කරන ලදී.

පසුගිය සිකුරාදා (1) දින ශ්‍රී ලංකාවට පැමිණී එතුමන් මීගමුව හෝටලයක නැවති නිරෝධායනය වූ අතර එහිදි නිරෝධයනය වන පුද්ගලයෙකු වෙත ලැබෙන ආගන්තුක සත්කාර පිළිබඳ ඔහුගේ පෞද්ගලික කෘතවේදී බව සඳහන් කරමින් කොවිඩ් - 19 වෛරසය පැතීරිම වැළැක්වීම සඳහා යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රියාදාමය එතුමන් ඉතා මැනවින් පැසසුමට ලක් කරන ලදී.

හෝටල්වල නිරෝධායනය වන පිරිස කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සදහා දැඩි සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව එම කාලය ගත කරන අතර මෙම පිරිස වෙත ආචාරශීලිව එහි රාජකාරී කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන් සිදුකරනු ලබන කාර්යභාර්ය ඕස්ට්‍රේලියව වැනි රටකදී තමා නොදුටු බවද සඳහන් කළේය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ උපදෙස් මත ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ නායකත්වයෙන් යුත් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකාය දිවයින පුරා කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සිදුකරනු ලබන කාර්යභාර්ය දේශීය හා විදේශීය ප්‍රජාව අතර ඇගයීමකට ලක්වීම මීට වඩා ඉහළ මට්ටමක තිබිය යුතු බවද පැවසීය.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදාධිපති ලෙස මෙවැනි වකවානුවක සිය මව්රට වෙනුවෙන් සිදුකරනු ලබන අප්‍රතිහත කැපවීම එතුමන් විසින් පැසසුමට ලක් කරන අතර කොවිඩ්- 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව විසින් සිදුකරනු ලබන කාර්යභාර්ය විදේශිය රටවල සිටින දේශීය හා විදේශීය ප්‍රජාව අතර එම සේවය ඇගයීමට ලක්කිරීමේ කාර්යභාර්ය එතුමන් විසින් භාරගන්නා බවද මෙහි සඳහන් කළේය. Running sneakers | Jordan Release Dates , Iicf