Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th July 2020 18:54:16 Hours

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යය සාධක බලකාය කොවිඩ් 19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබද සාකච්ඡා කරයි

කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යය සාධක බලකාය එළඹෙන මහ මැතිවරණය සහ සංස්කෘතික අංගයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් අද (28) දින පස්වරුවේ එක් රැස්ව සාකච්ඡා කළහ.

මෙම සාකච්ඡාව කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුළු විවිධ ක්ෂේත්‍රයන්හී ප්‍රවීණයන් ගේ සහභාගීත්වයෙන් පැවති අතර, එහිදි කන්දකාඩු ප්‍රදේශයේ මෑතකදී ඇති වූ අවදානම් තත්ත්වය සහ ප්‍රදේශ කිහිපයකට සංචාරක සීමාවන් පැනවීම ආදි කරුණු පිළිබඳව වත්මන් තත්ත්වයන් සාකච්ඡාවට බඳුන්විය.

එහිදි, කන්දකඩු හා රාජාංගනය ප්‍රදේශයන්හී තත්ත්වය මේ වනවිට පාලනය කර ඇති බවත් තවදුරටත් එම ප්‍රදේශයන්හී සංචාරක සීමාවන් පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවත් වෛරසයේ වත්මන් පැතිරීම හා දේශීය වපසරිය පිළිබඳව විස්තර කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පෙන්වා දුන්නේය.

එම සාකාච්ඡාවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටියේ අද (28) දින නව කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු හදුනාගෙන ඇති බවත් ඒ අතරින් 17 දෙනෙකු සේනපුර මධ්‍යස්ථානයේ රැඳවියන් වන අතර, අනෙක් ආසාදිතයන් අතරින් 5 දෙනෙකු අම්පාර සටන් පුහුණු පාසලෙන් ද අනෙක් ආසාදිතයා විඩත්තපලෙයි නිරෝධායන මධ්‍යස්ථානයෙන් ද හදුනාගෙන ඇති බවත්ය. ඒ අනුව, අද (28) දින වනවිට කන්දකාඩු මත්ද්‍රව්‍ය නිවාරණ, ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අදාළව කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 597 දෙනෙක් ලෙස වාර්ථා විණි.

PCR පරීක්ෂණ සහ නිරෝධායන මධ්‍යස්ථාන අඛණ්ඩව පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව අදහස් දැක් වූ එතුමන් ආසාදිතයින්ගේ පළවන සහ තුන්වන සම්බන්ධතා හඳුනා ගැනීමට බලධාරීන්ට හැකි වී ඇති බැවින් සෑම ආකාරයකින්ම තත්ත්වයන් පාලනය කරගැනීමේ හැකියාව ලැබී ඇති බැව් ප්‍රකාශ කරන ලදී.

තවදුරටත් කරුණු අවධාරණය කළ යුද්ධ හමුදාධිපතිතුමන් අයිඩීඑච් රෝහලෙන් පැනගිය පුද්ගලයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ වෙකු බවත් ඔහු PCR පරීක්ෂණවලට යොමුකිරිමේදී වෛරසය ආසාදනය වී නොමැති බව ද සනාථ වූ බව පැවසීය. තවද, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදිමින් වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අඛණ්ඩව ක්‍රියා කිරිමේ ඇති වැදගත්කම පිළිබදවද එතුමන් එහිදි කරුණු අවධාරණය කළේය. අප රට තුළ කොවිඩ් 19 වෛරසය සාමාන්‍ය තත්ත්වයට පත්වෙමින් පවතින බැවින් විදේශයන්හී සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වාගැනීම ආරම්භ කරමින් ගුවන් යානා දෙකක් මගින් ඔවුන් රැගෙන ඒමේ ක්‍රියාන්විත අරඹා ඇති බව මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් පෙන්වාදිනි.

සාකච්ඡාව ආරම්භයේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යය සාධක බලකායේ සාමාජිකයින් සහ අනෙකුත් ආරධිතයින් පිළිගෙන මෙම සාකච්ඡාවේ අරමුණ පිළිබඳ පැහැදිලි කිරීමක් සිදු කළේය.

මේ අතර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අදහස් දක්වමින් මෙරටින් අවසන් වරට කොවිඩ් 19 ආසාදිතයෙකු මීට දින 13 කට පමණ පෙර වාර්තා වූ බවත්, මේ වනවිට රාජාංගනය ප්‍රදේශය තුළ පනවා තිබු සංචාරක සීමා සම්පූර්ණයෙන් ලිහිල් කර ඇති බවත් ප්‍රකාශ කළේය. තවද, අයිඩීඑච් රෝහලෙන් පැනගිය රෝගියා පිළිබදවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා කරුණු පැහැදිලි කළේය. ඉන් පසුව, එළඹෙන මහ මැතිවරණය සහ මේ දිනවල පවත්වනු ලබන කතරගම පෙරහැර උත්සවය මෙන්ම දළදා පෙරහැර මංගල්‍යය පිළිබදව ද කරුණු කේන්ද්‍ර කර ගනිමින් සාකච්ඡා පැවැත්විණි.

තවද, කොවිඩ්-19 වෛරසයේ බලපෑමකින් තොර ලෙස මහ මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ නියෝජිත සමන් ශ්‍රී රත්නායක මහතා මෙහිදි පෙන්වා දුන්නේය.

එළඹෙන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම ආදී ක්‍රියාවලියේදී මෙන්ම වෙනත් අවස්ථාවලදී ද සමාජදුරස්ථභාවය පවත්වාගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව ක්‍රියා කිරිමේ ඇති වැදගත්කම ද සහභාගී වූවන් තවදුරටත් සාකච්ඡා කළහ. affiliate link trace | nike air force 1 shadow , eBay