Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th July 2020 19:32:44 Hours

කිලිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා නව යුද හමුදා රෝහලක්

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන්ගේ සෞඛ්‍යය තත්ත්වයන් ඉතා උසස් මට්ටමකින් පවත්වාගෙන යාමේ අරමුණින් යුතුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ නවීන පහසුකම්වලින් සපිරි ඇදන් 75 කින් සමන්විත නවතමයෙන් ඉදිකරනු ලැබු යුද්ධ හමුදා මූලික රෝහල අද (17) දින පැවති උත්සවයකදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා භාරදෙනු ලැබීය.

නව යුධ හමුදා රෝහල තුළ බාහිර රෝගී අංශයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක්, ශල්‍යකර්ම ඒකකයක්, රසායනාගාරයක්, ලේඛන අංශයක්, ඖෂධ ශාලාවක්, ඖෂධ ගබඩාවක්, හුදකලා වාට්ටුවක්, කාන්තා වාට්ටුවක්, වෛද්‍ය උපකරණ ගබඩාවක් සහ නිලධාරීන් සඳහා වූ වාට්ටවකින් සමන්විත වන අතර, මෙම රෝහලේ ඉදිකිරීම් කටයුතු ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ අධික්‍ෂණය යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ශ්‍රමදායකත්වය ඇතිව 11 වන ඉංජිනේරු සේවා බලකාය විසින් මාස 4ක් වැනි කෙටි කලක් තුළ ඉදිකරන ලදි. නව රෝහලේ ඉදිකිරිම් කටයුතු සඳහා වැය කරන ලද සම්පූර්ණ වියදම රුපියල් මිලියන 26.9 කි.

දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දවසේ සමාරම්භක උත්සවය පැවැත්වූ අතර, එහිදි දවසේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් කිලිනොච්චි ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව එතුමන් රෝහල් පරීශ්‍රය නිරීක්‍ෂණය කළේය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ ආරාධනයෙන් ආගමික ආශිර්වාද මධ්‍යයේ, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නව යුද්ධ හමුදා රෝහලේ සමරු පලකය නිරාවරණය කරමින් පීත්ත පටිය කපා සුභ මොහොතින් විවෘත කරනු ලැබීය. අනතුරුව ප්‍රධාන ආරාධිත අමුත්තා එම අවස්ථාවට එක්ව සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග රෝහලේ සෑම අංශයක්ම නිරීක්‍ෂණය කරමින් එහි අංශ ප්‍රධානින් සමග සුහද අදහස් හුවමාරුවකද නිරත විය.

මෙම රෝහල වෛද්‍යවරුන් ඇතුළු 72 දෙනෙකුගෙන් සමන්විත වෛද්‍ය කාර්ය මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලබන අතර, නොබෝ දිනකින් මෙහි භෞත චිකිත්සකාගාරයක් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක අංශයක් ස්ථාපිත කිරීමට ද සැලසුම් කර ඇත. එහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ එතුමන් මෙම සංචාරය සිහිවනු වස් රෝහල් පරීශ්‍රය තුළ පැළයක් ද රෝපණය කළේය. අනතුරුව නව රෝහල ඉදිරිපිට සමූහ ඡායාරූපයකට ද පෙනී සිටීම ද එතුමන් ඉදිරිපත් විය.

ඉන් අනතුරුව භට පිරිස් සමඟ සුහද අදහස් හුවමාරුවක නිරතවූ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘නෙළුම් පියස’ ශ්‍රවණාගාරයේදී සියළු නිලයන් අමතමින් කෙටි දේශණයක් ද සිදු කළේය.

2009 මැයි මාසයට පෙර එල්ටීටීඊ ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් මුළු කිලිනොච්චි ප්‍රදේශයම ආරක්ෂා කර ගැනීම සඳහා අපගේ වීරෝධාර රණවිරුවන් විසින් කරන ලද පරිත්‍යාගයන් භට පිරිස් මතක තබා ගත යුතුය. අද ඔබ සැවොම කලාපයේ ජනතාවගේ සාමය, සමගිය සහ යහපැවැත්ම උදෙසා කටයුතු කරමින් රටේ මෙන්ම කිලිනොච්චි ජනතාවගේ සේවය වෙනුවෙන් කැපවී සිටී. බොහෝ උතුරේ වැසියන් ඔවුන්ගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කරන සහ අසරණ ජීවිත හා ප්‍රජා ව්‍යාපෘතිවල දියුණුව උදෙසා කටයුතු කරන අපගේ ව්‍යාපෘති සඳහා ඉතා සහයෝගය දක්වන බව මතක තබා ගන්න. 

“නව රෝහල අපගේ ත්‍රිවිධ හමුදාවේ වෙහෙස මහන්සි වී වැඩ කරන භටයින්ට සපයනු ලබන සුභසාධනයකි. එම සෞඛ්‍ය පහසුකම් දැන් අපගේ සහෝදර සාමාජිකයන් වන, කිලිනොච්චි ප්‍රදේශයේ සේවය කරන ගුවන් හමුදා සාමාජිකයින්ට ද විවෘතය. ඔබ මෙම නව ස්ථානය රැකබලා ගත යුතු අතර ඔබේ වෛද්‍ය අවශ්‍යතා සඳහා එය භාවිතා කළ යුතුය. 

COVID-19 වසංගතය පිළිබඳව අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් රැස්ව සිටි පිරිසට ප්‍රකාශ කර සිටියේ අතිගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම පරිදි දිවයිනේ බොහෝ ප්‍රදේශවල සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම නිසි අයුරින් පිළිපදිමින් නිරෝධායන මධ්‍යස්ථාන වැඩි ගණනක් ක්‍රියාත්මක කරගෙන යාම අභිමානයක් බවයි.                

ආරක්ෂක හමුදාවන්හි වඩාත්ම විනයගරුක සාමාජිකයන් ලෙස අප අතර මෙම වසංගතය පැතිරීමට එරෙහිව සියලු වැළැක්වීමේ පියවර ගැනීම අපගේ යුතුකමයි. සියලු පූර්වාරක්ෂාවන් සමඟ තත්ත්වය කළමනාකරණය කිරීමට හමුදාවට හැකි වූයේ එබැවිනි. ඔබ සැවොම වෛරසය පිළිබඳව සෝදිසියෙන් සිටිමින් දැනටමත් ඔබට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව කටයුතු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි, යනුවෙන් ”ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

සිය දේශණය අවසානයේ මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න විසින් විශේෂ සමරු තිළිණයක් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිළිගන්වමින් තම භටයින් වෙනුවෙන් සිදු කළ මෙම කර්තව්‍ය වෙනුවෙන් කෘතඥතාවය පළ කළේය. වැඩසටහන අවසනායේ ප්‍රධාන ආරාධිතා විසින් එහි සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා කිලිනොච්චි ආරක‍්‍ෂක සේනා ආඥාපතිතුමන්, ඉදිරි නඩත්තු ප්‍රදේශ භාර උතුරු ආඥාපතිතුමන් ඇතුළු සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. Running Sneakers | Ανδρικά Nike