Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th May 2019 20:05:27 Hours

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති ‘දේවස්ථානයේ මව්තුමියගේ’ දේහයට අවසන් ගෞරව දක්වයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය බදාදා (22) දින මූරුසමෝඩෙයි නවජිවනම් මෙතෝදිස්ත දේවස්ථානයේ නිර්මාතෘ මෙන්ම සමාජ සේවිකාවක් වන ‘දේවස්ථානයේ මව්තුමිය’ ලෙස ප්‍රසිද්ධ අභාවප්‍රාප්ත ලුයිසා අරුණම්මා තම්බිරාසා මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්විය.

හිටපු ටී.එන්.ඒ මන්ත්‍රිවරයෙකු වන තම්බිරාසා කුරුකුලරාසා මහතාගේ මව වන අභාවප්ප්‍රාත ලුයිසා අරුණම්මා තම්බිරාසා මහත්මිය ප්‍රදේශයේ ජනප්‍රිය සමාජ සේවිකාවක් විය.

කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය සමඟින් 57 වන සේනංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.එස්. හේවාවිතාරණ, 572 හා 573 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන් සහ 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී සිය දේහය තැන්පත් කර තිබු නිවසට පැමිණ ශෝකය ප්‍රකාශ කළහ. Sneakers Store | Air Jordan 5 Raging Bull Toro Brovo 2021 DD0587-600 Release Date Info , Iicf