Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2020 22:14:10 Hours

කර්මාන්තශාලා සහ වෙළඳ කලාපවල සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන්නැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් උපදෙස්

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ සාකච්ඡාවක් අද සවස රාජගිරියේ මූලස්ථානයේදී ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පාර්ශවකරුවන් සහ ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සහ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

කර්මාන්තශාලා හිමිකරුවන්ට සහ කළමණාකරුවන්ට ලබා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ හා ක්‍රියාපටිපාටීන් පිළිපැදිය යුතු බවට මෙම රැස්වීමේදී විශේෂයෙන් උපදෙස් දෙනු ලැබිණ.

එසේම, කර්මාන්ත ශාලාවක සේවකයෙකු රෝගය ආසාදනය වූ බව සොයා ගත් විට, ප්‍රතික්‍රියා කළයුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, එවැනි තත්වයක් තුළ පිළිපැදිය යුතු උපායමාර්ගික ක්‍රම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කරන ලදී.

නවාතැන් පහසුකම් ඇති පුද්ගලයන්ගේ පවා දිනකට තුන්වරක් උණ පරීක්‍ෂා කිරීමත් ඔවුන් අනෙකුත් සේවකයන් හා මුහුකිරීමකින් තොරව සේවයේ යෙදීමේ අවශ්‍යතාවත් මෙහිදී විශේෂයෙන් අවධාරණය කෙරුණි.

එසේම, කර්මාන්තශාලා වල සේවකයින් රාජකාරියට වාර්තාකළ යුතු වෙලාවන් සහ රාජකාරියෙන් බැහැර විය යුතු වෙලාවන් වෙනස් කිරීම තුළින් අවධානම තරමක් දුරට පාලනය කර ගත හැකි බවත් සියලුම කර්මාන්ත ශාලා තුළ රාජකාරි ආරම්භ කිරීම සහ අවසන් කිරීම සඳහා එකම වේලාවක් භාවිතා කිරීම තුළින් සමූහයන් කිහිපයක පිරිස් එක අවස්ථාවක එකිනෙකා සමඟ මිශ්‍ර වීම හේතුවෙන් වෛරසය පැතිර යාමේ ඉහළ අවදානමක් ඇති බව මෙහිදී සාකච්ඡා කෙරුණි.

එමෙන්ම, සේවකයින්ගේ ක්‍රියාකාරකම් අධීක්‍ෂණය කිරීම විශේෂයෙන් උපදෙස් ලබාදුන් අතර එලෙස ක්‍රියාකාරකම් අධ්‍යයනය කිරීම තුළින් යම් අවස්ථාවක ආශ්‍රිතයන් සොයාගැනීමේ අවශ්‍යතාව මතුවුවහොත් සම්බන්ධතා ලුහුබැඳීමේදී එය ඉතා වැදගත් සාධක වන බැවත් සේවකයන්ගේ ලිපින යාවත්කාලීන කිරීමේ වැදගත්කමත් මෙහිදී අවධාරනය කරන ලදි.

අන්‍යයන් සමඟ සම්බන්ධ නොවී සේවකයින් සඳහා වඩා හොඳ ප්‍රවාහන සේවාවන් සැපයීමට හැකි ක්‍රමවේදයක් සැකසීම සඳහා ගත යුතු පියවරද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මේ අතර, හුදකලා ප්‍රදේශවල පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා කළමනාකරුවන්ට එහිදී දැනුම් දුන්නේ කම්කරුවන් කර්මාන්ත ශාලාව තුළ තබා ගැනීම හෝ තෝරාගත් ප්‍රදේශයක වෙනම නවාතැන් පහසුකම් සැපයීම මේ අවස්ථාවේ අනුගමනය කළ යුතු සාර්ථක උපාය මාර්ගයක් බවත් එමඟින් යම් සිදුවීමක් ඇතිවුවහොත් එහි පාලනයත් පවත්වාගත හැකි බවත් අවධාරණය කෙරුණි.

එමෙන්ම කර්මාන්තශාලා සහ වෙළඳ කලාප නිරීක්‍ෂණය කරන අවස්ථාවන්හිදී සෞඛ්‍ය බලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්, වසංගත රෝග විද්‍යා නිලධාරීන් විසින් ලබාදෙන ලද උපදෙස් පිළිපැදීමට කටයුතු කිරීමට මෙහිදී කර්මාන්ත කරුවන්ට දැඩි ලෙස උපදෙස් දෙන ලදී. affiliate link trace | Nike News