Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th August 2022 17:52:00 Hours

කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපල තුළ පිපිඤ්ඤා වගාව ආරම්භ කරයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත ‘Hayleys’ සමූහ ව්‍යාපාරයේ ‘H.J.S Condiments Limited’ සමාගම සමඟ කන්දකාඩු යුද්ධ හමුදා ගොවිපලේ සාමාජිකයින් හා අත්වැල් බැඳගනිමින් යුද්ධ හමුදාවේ ආහාර සුරක්‍ෂිතතා ව්‍යාපෘතිය යටතේ නව ව්‍යාපෘතියක් වශයෙන් අත්හැර දමා තිබූ රජයේ ඉඩම් අක්කර 1500 ක් තුළ පිපිඤ්ඤා වගාව ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර ගේ උපදෙස් මත පසුගිය සෙනසුරාදා (6) දින මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබූ අතර ‘H.J.S Condiments Limited’ සමාගමේ උපදේශකයින්ගේ සහයෝගය මත යුද්ධ හමුදාව සතු විද්‍යාත්මක හා තාක්‍ෂණික දැනුම යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

රටේ වියළි ප්‍රදේශවල පවතින දේශගුණික තත්ත්වයන් ඵලදායි ලෙස යොදාගනිමින් වගා කටයුතු සිදුකළහොත් හොඳ අස්වැන්නක් ලබාගැනීමේ හැකියාව පවතින බැවින් බටහිර රටවල ප්‍රචලිත රසවත් ආහාරයක් වන පිපිඤ්ඤා මගින් රටට අවශ්‍ය විදේශ විනිමය උත්පාදනය කිරීමේ හැකියාව ද පවතී.

මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා ‘H.J.S Condiments Limited’ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ අධ්‍යක්‍ෂ ආනන්ද පතිරගේ මහතා ඇතුලු නිලධාරීන්, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් අරෝෂ රාජපක්‍ෂ, මූල්‍ය කළමනාකරණ අධ්‍යක්‍ෂ ආසිරි ජයබෝධි මහතා, 3 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායේ අණදෙන නිලධාරි සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.