Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

03rd August 2022 18:00:32 Hours

ඉන්දුනීසියාවේ පැවැත්වූ ඒකාබද්ධ යුධ අභ්‍යාසයට ශ්‍රී ලංකා හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වෙති

ලොව විශාලතම සාම සහයක මෙහෙයුම් පුහුණු මධ්‍යස්ථාන අතරින් එකක් වන ඉන්දුනීසියාවේ බෝගෝර් පිහිටි ඉන්දුනීසියානු සන්නද්ධ හමුදා සාම සාධක පුහුණු මධ්‍යස්ථානය (Indonesian Armed Forces Peacekeeping Training Center, Bogor, Indonesia) විසින් 2022 ජූලි මස 18 - 31 දිනයන්හිදී පවත්වන ලද ‘Garuda Canti Dharma 11 'Multinational Exercise’ අභ්‍යාසය සඳහා ඉන්දුනීසියානු සන්නද්ධ හමුදාවන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරීන් 05 දෙනෙකු සහ කොමිෂන් නොලත් නිලධාරීන් 14 දෙනෙකු සහභාගී වූහ.

ඉන්දුනීසියානු ජාතික සන්නද්ධ හමුදා සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානය (Indonesian National Armed Forces and the US Indo-Pacific Command) විසින් සම අනුග්‍රහය දක්වනු ලබන මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසය සඳහා රටවල් 22 ක් නියෝජනය කරමින් මහාද්වීප 5 ක හමුදා හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ. මෙම දැවැන්ත ඒකාබද්ධ යුධ අභ්‍යාසය මාණ්ඩලික පුහුණු ඉසව් (STE), ක්‍ෂේත්‍ර පුහුණු ඉසව් (FTE) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේෂයන්ට අනුව ක්‍රියාත්මක වන ආරක්‍ෂණ සැලසුම් ආදී පුහුණු ඉසව්වලින් සමන්විත විය.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ උපදෙස් මත මෙම මෙම ඒකාබද්ධ යුධ අභ්‍යාසය සඳහා ජාත්‍යන්තර හමුදා උපදේශක (IMI) කර්නල් රුවන් ඇහැලේපොල ඇතුලු නිලධාරින් 2 කු සහ සෙසුනිලයින් 14 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී ඔවුන් විසින් මාණ්ඩලික පුහුණු ඉසව් (STE), ක්‍ෂේත්‍ර පුහුණු ඉසව් (FTE) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්දේෂයන්ට අනුව ක්‍රියාත්මක වන ආරක්‍ෂණ සැලසුම් පිළිබඳව යුධ අභ්‍යාසය සඳහා සහභාගී වූ භටපිරිස් දැනුවත් කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වෘත්තීය නිපුණත්වය, කැපවීම සහ ක්‍රියා කලාපය ඉන්දුනීසියානු ජාතික සන්නද්ධ හමුදා සහ එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් විධානයේ පැසසුමට ලක් වූ අතර, එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කාර්ය සාධනය සහ අනෙකුත් කලාපීය සාම සාධක මෙහෙයුම් පිළිබඳ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවැත් වූ මෙම යුධ අභ්‍යාසය සඳහා සහභාගීවූ මෙරට යුද්ධ හමුදා භට කණ්ඩායමට එක්සත් ජාතීන්ගේ මූලධර්මයන්ට අනුකූලව පොදු උපක්‍රම, ශිල්පීය ක්‍රම සහ ක්‍රියා පටිපාටින් පිළිබඳ විශේෂඥ දැනුම සහ ප්‍රවීණත්වය වැඩිදියුණු කිරීමට මෙය මහඟු අවස්ථාවක් විය.