Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

18th October 2019 12:43:54 Hours

ඉන්දීය යුද්ධ හමුදාවේ යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් යුද්ධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ ආරාධනයකට අනුව, දිවයිනට පැමිණි ඉන්දීය යුද්ධ හමුදාවේ යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලුතිනන් ජෙනරාල් දිලිප් සිංග් රාතෝර් වී.එස්.එම් (Lieutenant General Dalip Singh Rathore) යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් අතර බදාදා (16) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවැති සුහද හමුවේදී,  පොදු කරුණු පිළිබඳව මෙන්ම ඉන්දීය කර්මාන්ත කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඉන්දිය යුද උපකරණ හා ද්‍රව්‍ය සැපයීම හා එහි නිෂ්පාදන අවශ්‍යතාව සම්බන්ධ මෙහිදී අදහස් හුවමාරු කරගත්තේය.

දෙරට අතර අඛණ්ඩව පවතින අතීත මතකයන් සහ සබඳතා පිළිබඳව ඔවුන් සිහිපත් කළ අතර එවැනි අවබෝධතා සහ සුහද බැඳීම් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව එකඟ විය. තවද, දෙරට අතර අභිවෘද්ධිය සඳහා දිගුකාලීනව යුධෝපකරණ විශේෂඥ දැනුම හුවමාරු කරගැනීමේ අවශ්‍යතාව පිළිබඳ අවධාරණය කළහ.

මෙම සුහද හමුව අවසානයේ දෙපාර්ශවය අතර සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. ඉන්දීය යුද්ධ හමුදාවේ යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම යුධෝපකරණ සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් ලුතිනන් ජෙනරාල් දිලිප් සිංග් රාතෝර් වී.එස්.එම් (Lieutenant General Dalip Singh Rathore) යුද්ධ හමුදාධිපති කාර්යාලයෙන් නික්මයාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබීය.

යුද්ධ හමුදාධිපතුමන්ගේ ආරාධනයකට අනුව, දොඹගොඩ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ 70 වන සංවත්සර උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවීම සඳහා ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් දිවයිනට පැමිණියේය.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් එච්.ජි.අයි. විද්‍යානන්ද සහභාගී විය. Sport media | Air Jordan 1 Retro High OG University Blue - Gov