Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th August 2022 22:33:48 Hours

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සල් ජෙනරාල් 12 වන සේනාංකයේ සංචාරයක

හම්බන්තොට පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සල් ජෙනරාල් එම්.ආර් ඩීපින් පීආර් (M.R Dipin, PR) ඇතුලු එම කාර්යාලයේ නියෝජිත පිරිසක් පසුගිය බ්‍රහස්පතින්දා (4) දින 12 වන සේනාංක මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර සංචාරයේ නිරත පිරිස එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ලංකා අමරපාල විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

ඉන් අනතුරුව, සංචාරයේ නිරත ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිස අමතමින් 12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් යුද්ධ හමුදාව වෙතින් වර්ථමානයේ සිදුකරනු ලබන වැඩසටහන්, ජනතාවගේ යහපැවැත්ම වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස් දක්වන කැපවීම, හරිත කෘෂිකාර්මික ව්‍යාපෘති, අත්‍යාවශ්‍ය සේවාවන් සුමටව පවත්වාගෙන යාමට යුද්ධ හමුදාව වෙතින් දක්වන සහයෝගය ආදී කරුණු පිළිබඳ දැනුවත් කිරීමක් සිදුකළේය.

එහිදී, කොන්සල් ජෙනරාල්වරයා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සේවය පැසසුමට ලක්කරනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තබමින් 12 වන සේනාංකය වෙතින් ආරක්‍ෂක අංශ සහ සිවිල් වැසියන් අතර සුහදත්වය හා සංහිඳියාව වැඩිදියුණු කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන කැපවීම ඇගයීමට ලක්කරන ලදී.

මෙම සුහද හමුව සමාප්තියේ, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ කොන්සල් ජෙනරාල් සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.