Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th January 2021 10:29:55 Hours

ඇඟලුම් කර්මාන්තයේ ප්‍රමුඛ පෙළේ නියෝජිතයින් පිරිසක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී කාර්ය සාධක බලකායේ කාර්යභාර්ය අගය කරයි

පසුගිය වසරේ ඇඟලුම් කර්මාන්තයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වයට බාධාවක් එල්ල කරමින් ඇඟලුම් කර්මාන්තයේ සේවකයින් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොව්ඩ්-19 වෛරසයේ දෙවන රැල්ල පාලනය කරගැනීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම පිළිබඳ කාර්ය සාධක බලකායට ස්තූතිය පුද කිරීමේ වෙනුවෙන් ඒකාබද්ධ ඇඟලුම් සංගමයේ සභාපති ඒ. සුකුමාරන් මහතා ඇතුළු ප්‍රමුඛ පෙළේ නියෝජිත පිරිසක් සඳුදා (04) දින සන්ධ්‍යාවේ යුද්ධ හමුදා මුලස්ථානයේදී කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූහ.

මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් අතර වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව වෛරසය පැතිරිම වැළැක්වීම සඳහා කාර්ය සාධක බලකාය කඩිනමින් ගනු ලැබූ පියවරයන් පිළිබඳ නියෝජිත පිරිස ප්‍රථමයෙන් පැසසුමට ලක් කළහ. සීතාවක, රත්නපුර සහ අවට ප්‍රදේශවලින් මෑතකදී වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වූ අතර සීතාවක සහ අනෙකුත් ප්‍රදේශවල නිදහස් වෙළඳ කලාපවල අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් පිළිබඳව නියෝජිත පිරිස මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් උපදෙස් ලබාගත්හ.

ලෝක පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ආසාදන තර්ජනයක් තිබියදීත්, කාර්ය සාධක බලකායේ කාර්යභාර්ය හේතුවෙන් පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වනවිට ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තයට ඉපැයීම් ඵලදායීතාවය ඉහළ නැංවීමට හැකි වූ අතර එය පෙර වසරට සාපේක්ෂව අතිගරු ජනාධිපතිතුමන්ගේ මැදිහත්වීමෙන් ලද ජයග්‍රහණයකි.

මෙම මාරාන්තික වෛරසයෙන් රට මුදා ගැනීම සඳහා කැපවී සිටින පාර්ශවකරුවන් කෙරෙහි ඇඟලුම් කර්මාන්තය පූර්ණ විශ්වාසය තබා ඇති හෙයින් අනාගතයේදී ඇඟලුම් සේවකයින් අතර නැවත වෛරසය ඇතිවීම වළක්වා ගැනීම සඳහා සහයෝගය ලබාදෙන ලෙස එම ඇඟලුම් කර්මාන්ත නියෝජිතයින් කාර්ය සාධක බලකායෙන් ඉල්ලා සිටියහ.

මෙහිදී, රටේ ආර්ථිකයේ සුමට ක්‍රියාකාරිත්වය සහ විනිමය උපයන්නන්ගේ යහපැවැත්ම පිළිබඳව උපරිම අවධානය යොමු කරන ලෙස අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්ය සාධක බලකාය නිතරම උපදෙස් දී ඇති බව ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නියෝජිත පිරිසට පැවැසීය.

"ආරම්භයේ දී, අපි සේවකයින්ගෙන් 1% ක් සඳහා PCR පරීක්ෂණ පැවැත්වීම හා සෞඛ්‍ය ආරක්‍ෂව සඳහා සේවකයින් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කිරීමට අපි කටයුතු කළෙමු. එම උපායමාර්ගය කටුනායක නිදහස් වෙළඳ කලාපයේ අනෙකුත් කර්මාන්තශාලා සඳහා ද ක්‍රියාත්මක කළෙමු. එම උපායමාර්ගික ක්‍රම සහ සංචාරක සීමාවන් තවදුරටත් ක්‍රියාත්මක කරමින් වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා හොඳින් ක්‍රියා කළේය. සීතාවක සහ අනෙකුත් නිදහස් වෙළඳ කලාපවල වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ද අපි එම සහයෝගය ලබා දෙන්නෙමු.” යනුවෙන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

පීසීආර් සහ ප්‍රතිදේහජනක පරීක්ෂණවල යෙදී සිටින සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ හැකියාවන් පිළිබඳව පැහැදීමකට පත් නියෝජිත පිරිස කාර්ය සාධක බලකායේ කාර්යභාරයට සුභපැතුම් පිරිනමමින් අනාගතයේ දී පීසීආර් සහ ප්‍රතිදේහජනක පරීක්ෂණ වැඩි වශයෙන් සිදුකිරීම සඳහා සන්නද්ධ හමුදාවන්ට තවත් පීසීආර් යන්ත්‍ර පරිත්‍යාග කරන බවට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පැවසීය.

මෙම නියෝජිත පිරිසට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය හිටපු සභාපති අෂ්රොෆ් ඕමාර් මහතා, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ හිටපු සභාපති නොයෙල් ප්‍රියතිලක මහතා, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ හිටපු සභාපති ශාරද් ආමලීන් මහතා, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ උප සභාපති මහේෂ් හයිද්‍රාමනී මහතා සහ ජේ ජේ මිල්ස් පුද්ගලික සමාගමේ ශ්‍රීකුමාර් බාලසුබ්‍රනියම් මහතා ඇතුලත් වූහ. url clone | Air Jordan 1 Mid - Collection - Sb-roscoff