Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th January 2022 09:15:53 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි බෝගොඩ පිහිටි බලඇණි පුහුණු පාසලේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ 2022 ජනවාරි මස 11 දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත බෝගොඩ බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත වෙමින් කොවිඩ් - 19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් 2021 දෙසැම්බර් මස 09 දින ආරම්භ කළ පුහුණු සැසිවාරයන් නිරීක්‍ෂණය කරන ලදී.

මෙම සංචාරයේදී, මේජර් ජෙනරල් චම්පක රණසිංහ වසර 2කට පසු බෝගොඩ බලඇණි පුහුණු පාසලේ බලඇණි පුහුණු පාඨමාලාවක නිරත වන 2 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතීය.

සිය දේශනයේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානය ප්‍රවර්ධනය කරමින් පුහුණුව, විනය ආරක්‍ෂා කිරීම සහ වගකීම් සහගතව ක්‍රියාකිරීමේ වැදගත්කම සහ වර්ථමානයේ ක්‍රියාත්මක වන හරිත කෘෂිකර්මික වැඩසටහන නඟාසිටුවීම සඳහා වගකීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳ පුහුණුව ලබන භටපිරිස් දැනුවත් කරන ලදී.