Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th May 2020 19:41:23 Hours

ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සොයාබලයි

ආරක්‍ෂක අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාපතිතුමන් සහ ගුවන් හමුදාධිපතිතුමන් ඇතුළු ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු අද (27) දින උදෑසන කොළඹ 2, කොම්පඤ්ඤව‍ිදියේ පිහිටා ඇති ශ්‍රී ලංකාවේ පළමු ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ගොඩනැගිමේහි හා එහි ප්‍රතිසංස්කරණ කටයුතුහි ප්‍රගතිය පිළිබඳ සොයාබැලීය.

ජාතික ආරක්‍ෂක විද්‍යාල පරිශ්‍රය වෙත සපැමිණ නියෝජිත පිරිස එම විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු, නැවත ඉදිකිරීම් හා එහි අනාගත ක්‍රියාකාරිත්වය සඳහා යෝජිත ක්‍රියාකාරී සැලැස්ම සහ අනෙකුත් අවශ්‍යතාවයන් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරමින් නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.

මෙහි ඉදිකිරිම් කටයුතු පිළිබඳව නිරික්‍ෂණය කළ මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න 2021 වර්ෂය වනවිට ආරක්ෂක ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ප්‍රමුඛතම විද්‍යාලයක් ලෙසත් ත්‍රිවිධ හමුදා, පොලිස්, රාජ්‍ය නිලධාරීන් සහ විදේශ නියෝජිතයින් සඳහා අධ්‍යාපන වේදිකාවක් ලෙසත් මෙම විද්‍යාලය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ආරම්භ කළ හැකි බව ප්‍රකාශ කළේය. මෙම ඓතිහාසික ගොඩනැගිලි සංකීර්ණය වර්ෂ 1835 තරම් අතීතයේ සිට පැවත එන අතර එහි වාස්තු විද්‍යාත්මක වටිනාකම නොවෙනස්ව පවත්වාගෙන ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකළ යුතු බවට සියලුදෙනා එකඟ වූයේ මෙම ගොඩනැගිලිහි තුල ඇති ඓතිහාසිකභාවයට ගරු කරමිනි.

ජාතික ආරක්‍ෂක උපාය මාර්ග සැලසුම් කිරීමේදී විවිධ සමාජ, ආර්ථික, දේශපාලන, ආරක්‍ෂක, විද්‍යාත්මක හා සංවිධානාත්මක අංශ පිළිබඳ පුළුල් අවබෝධයක් සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරමින් අනාගත ප්‍රතිපත්ති සම්පාදකයින් සන්නද්ධ කිරීම මෙලෙස ඉදිකිරීමට යෝජිත ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ පරමාර්ථය වනු ඇත. මෙම අරමුණ පෙරදැරීව තෝරාගත් ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක හා සිවිල් සේවා නිලධාරීන්ට ජාතික හා ජාත්‍යන්තර ආරක්‍ෂාව සම්බන්ධ ක්ෂේත්‍රවල පුහුණු පාඨමාලා ලබාදීමට ඉදිකිරිමට යෝජිත ජාතික ආරක්‍ෂක විද්‍යාලය අපේක්ෂා කරන අතර එවැනි පුහුණු කටයුතු සඳහා අවශ්‍ය අධ්‍යයන පරිසරයක් නිර්මාණය කිරීම මගින් විවිධ කරුණු පිළිබඳ පර්යේෂණ හා අවබෝධය ප්‍රවර්ධනය කරයි.

බ්‍රිතාන්‍ය පාලනය යටතේ එවකට බ්‍රිතාන්‍ය හමුදාවේ ලංකා රයිෆල් රෙජිමේන්තුවේ නිලධාරීන්ට ලබා දී අක්කර 11 ක භූමි ප්‍රමාණයකින් යුත් මෙම ඉඩමේ බ්‍රිතාන්‍ය පාලනය යටතේ නිලධාරී නිවස්නයක් ඉදිකිරීම සඳහා යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය හමුදාවේ අභාවප්‍රාප්ත මේජර් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් විල්සන් විසින් වර්ෂ 1835 අගෝස්තු මස 24 වන දින මුල්ගල තැබීය. කෙසේවෙතත්, මෙම ඉඩම වර්ෂ 1876 දී කොළඹ කොමර්ෂල් සමාගමට විකුණා ඇති අතර, එම සමාගමේ මූලස්ථානය මෙම ඉඩමේ ස්ථාපිත කර ‘ඇක්ලන්ඩ් හවුස්’ (Acland House) ලෙස නම් කිරීමට පෙළඹුණි. වර්ෂ 1975 දී රජය ජනසතු කිරීමේ ප්‍රතිපත්තිය යටතේ මෙම ගොඩනැගිල්ල නැවත අත්පත් කරගෙන වර්ෂ 1976 දී නාවික හමුදාවට පවරාදී ඇත. කෙසේවෙතත්, මෙම ගොඩනැගිල්ල වර්ෂ 1990 දී විසුම්පාය ලෙස නැවත නම් කරන ලද අතර එය වසර කිහිපයකට පෙර හිටපු අග්‍රාමාත්‍යවරයෙකුගේ සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ නිල නිවස ලෙස භාවිතා කරන ලදී. එය පසුගිය වසරවල රජයේ මාධ්‍ය ආයතනයක් ලෙස ද භාවිතා කරන ලදී. Sports Shoes | Men’s shoes