Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th January 2020 15:14:31 Hours

ආබාධිත දරුවන් වෙනුවෙන් ඉදිකළ ‘අයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් විවෘත කෙරේ

විශේෂ අවශ්‍යතා සහිත ළමුන් සඳහා රාගම ප්‍රදේශයේ යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වයෙන් ඉදිකරන ලද නවීනතම විශේෂඥ පහසුකම් පිරි ‘අයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය සෙනසුරාදා (25) දින මහජනතාව වෙනුවෙන් විවෘත කරන ලදී.

කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්. සෝමසිංහ, කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨාධිපති මහාචාර්ය පී.එස්. විජේසිංහ සහ ශ්‍රී ලංකා ‘අයතී’ භාරකාර මණ්ඩලයේ සභාපති මහාචාර්ය නිලන්ති ද සිල්වා ඇතුළු භාරකාර මණ්ඩලයේ ආරාධනයකට අනුව රටේ පළමු පුරවැසියා ලෙස මෙම සුවිශේෂී අවස්ථාවට අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහභාගි විය. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්ව විශේෂ අවශ්‍යතා සහිත ළමුන් දෙදෙනෙකු සහ භාරකාර මණ්ඩලයේ සාමාජිකයින් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

දරුවන් දෙදෙනෙකු සමඟ අතිගරු ජනාධිපතිතුමන් සාම්ප්‍රදායික චාරිත්‍රානුකූල පොල්තෙල් පහන දැල්වූ අතර ජාතික ගීය ගායනා කිරීමෙන් අනතුරුව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඩී.එම්. සෝමසිංහ විසින් පිළිගැනීමේ කථාව සිදුකරනු ලැබීය.

මෙහිදී, විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු කිහිපදෙනෙකුගේ සහයෝගය ඇතිව ‘මගේ ජීවිත කතාව’ යනුවෙන් සංවේදාත්මක හා හෘදයාංගම කථාවක් සිදුකළ අතර මෙම ජාතික ප්‍රශ්නයට සියලු දෙනාගේම අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදෙමින් දවසේ වැඩසටහනට එම ප්‍රකාශයන් හැඟීම්බර වටිනාකමක් එක් කළේය.

Down Syndrome (ඩවුන් සින්ඩ්‍රෝම) Autism (ඕටිසම් රෝගයෙන් පෙළෙන දරුවන්ගේ රෝග ලක්ෂණ) සඳහා ප්‍රතිකාර කිරීමට ආරම්භ කරන ලද මෙම විශේෂ මධ්‍යස්ථානය පිළිබඳ ‘අයති’ භාරයේ විධායක අධ්‍යක්‍ෂ ශිරෝමි මාසකෝරල මහත්මිය සවිස්තරාත්මක ඉදිරිපත් කිරීම මගින් පැහැදිලි කරන ලදී. සමරුඵලකය නිරාවරණය කර ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කළ අතිගරු ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ‘අයති’ භාරයේ සභාපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය ඇතුළු භාරකාර මණ්ඩලයේ සංකල්පයකය වෙනුවෙන් සිය ස්තූතිය පුද කළේය. ඉන් අනතුරුව, නව පරිශ්‍රයේ අතිගරු ජනාධිපතිතුමන් සමඟින් සංචාරය කළ අතර ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, හිටපු රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමන්, මහාචාර්ය ඩි.එම්.සමරසිංහ, මහාචාර්ය විජේසිංහ, මහාචාර්ය නිලන්ති ද සිල්වා, මහාචාර්ය සමන්මලි, ශිරෝමි මාසකෝරාල මහත්මිය, රොෂාන් මහානාම මහතා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියල් ද සිල්වා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ සහ බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ එක්වූහ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සුරතින් මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත කිරීමට ප්‍රථම වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙම ව්‍යාපෘතිය පිළිබඳව විශාල උනන්දුවක් දක්වමින් යුද්ධ හමුදා භටපිරිස් යොදවා ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන් අවසන් කරන ලදී.

මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ස්ථාපිත උපදේශන ශාලා, ඉගෙනුම් ශාලා, ශ්‍රී ලංකා ටෙලිකොම් කණ්ඩායම් චිකිත්සාව සහ සී.වී.අයි කාමරය, ශ්‍රවණාගාර අංශය, රසායනාගාරය, සංගීත කාමරය, සංවේදක ඒකාබද්ධතා කාමරය සහ තවත් ඒකක කිහිපයක් පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා ඇතුළු කණ්ඩායම නිරීක්‍ෂණය කළ අතර දවසේ වැඩසටහන අවසන්වීමට ප්‍රථම මෙම අවස්ථාව සංකේතවත් කරමින් සමුහ ඡායාරූප කිහිපයක් ද ගනු ලැබීනි.

ශ්‍රී ලංකා ‘ආයතී’ භාරය විසින් ලබාදුන් රුපියල් මිලියන 550 ක මූල්‍යමය දායකත්වයෙන් රාගම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ‘ආයතී ළමා සුරැකුම් මධ්‍යස්ථාන’ ඉදිවු අතර මෙහි සියලු සේවාවන් නොමිලේ සැපයිය යුතු බැවින් අඛණ්ඩව සිදුවන මෙම සේවාවේ තිරසාරභාවය සඳහා අමතර අරමුදල් අවශ්‍ය වන බැවින් මේ සඳහා අවශ්‍ය අතිරේක අරමුදල් රැස්කිරීමට ‘අයතී’ භාරය කැපවෙමින් අඛණ්ඩව කටයුතු කරයි.

මීට මාස කිහිපයකට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ නව තෙමහල් ගොඩනැගිල්ල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 10 (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකාය විසින් ඉදිකිරීම සම්පූර්ණ කර ‘අයතී’ භාරය වෙත පවරා දුන්හ. මෙම ළමා මධ්‍යස්ථානය අද (25) දින සිට සියලු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා නොමිලේ විවෘතව පවතී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය, හේමාස් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, මාස් හෝල්ඩින්ස් පුද්ගලික සමාගම, රොටරි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගම , MICD ගෘහ නිර්මාණ ශිල්පීන්, වික්‍රමසිංහ සමූහ ව්‍යාපාරය, E&Y සමාගම, මහජන බැංකුව, පීපල්ස් ලීසිං ආයතනය, සීමාසහිත ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම, බ්‍රැන්ඩික්ස් පුද්ගලික සමාගම සහ ගුණ ජය සතුට පදනමේ ප්‍රධාන අනුග්‍රහය ඇතිව ඉදිකළ මෙම මධ්‍යස්ථානය මගින් සාමාන්‍ය දරුවන්ගේ ප්‍රතිශතයෙන් 20% ක් පමණ වන විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ජීවන තත්ත්වය, ස්වාධීනත්වය සහ පූර්ණ හැකියාවන් මෙන්ම සහජ ශක්තිය සහ පුද්ගල කුසලතා ප්‍රවර්ධනය කිරීමට උපකාරී වනු නොඅනුමානය.

සංස්කෘත භාෂාවේ ‘ආයතී’ යන්නෙහි තේරුම ‘බලාපොරොත්තුව’ වන අතර මෙම මධ්‍යස්ථානය දරුවන් පුනරුත්ථාපනය කිරීමේ ජාතික මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යනු ලබයි.

මාස 13 ක් වැනි කෙටි කාලයක් තුළ මෙම මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ශ්‍රමදායකත්වය ලබාදෙමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙම උදාර වැඩපිළිවෙළට සහයෝගය දැක්වූවේය. මෙම මධ්‍යස්ථානය සඳහා රොටරි සමාජය ශ්‍රවණ දෘශ්‍ය උපකරණ සැපයීම සමඟ අත්වැල් බැඳගත් අතර ‘රොෂාන් විජේරාම ෆැමිලි ෆවුන්ඩේෂන්’ තෙවන ප්‍රධාන පරිත්‍යාගශීලියා ලෙස සහයෝගය දැක්වීමට පියවර ගත්තේය. ‘අයතී’ ළමා සුරැකුම් මධ්‍යස්ථානය දැන් දිවයින පුරා සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට සේවය කිරීම සඳහා විවෘතව පවතින අතර එහි සේවාවන් නොමිලේ ලබාදීම සිදුකරයි.

මෙම මධ්‍යස්ථානයේ වෛද්‍ය සායන කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අනුයුක්ත ඉහළ සුදුසුකම්ලත් වෘත්තීය විශේෂඥයින් විසින් පවත්වනු ලබයි. මධ්‍යස්ථානය විසින් සේවාවන් ලබාගැනීමට ප්‍රථම අවශ්‍යතාවය සඳහා ඉල්ලීමක් කිරීම අත්‍යවශ්‍ය වන අතර සතියේ දිනයන්හි උදෑසන 9.00 සිට පස්වරු 5.00 දක්වා 0115960050 අංකය අමතා සේවාවන් ලබාගැනීමට අවස්ථාවක් උදාකර ගත හැකිවන්නේය. Nike Sneakers Store | Air Jordan