Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2019 11:40:31 Hours

අසත්‍ය ප්‍රචාර සහ පදනම් විරහිත තොරතුරුවලට නොරැවටෙන මෙන් මහජනතාවගෙන් ඉල්ලයි

(මාධ්‍ය නිවේදනය)

කොළඹ 15, මෝදර ශාන්ත මරියා දේවස්ථානය සහ ගම්පහ මිරිස්වත්ත කැප්පෙටිපොළ මහා විද්‍යාලය අසල බෝම්බ තබා ඇති බවට අද (16) දින උදෑසන ලැබුණු තොරතුරක් මත යුද්ධ හමුදා බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ කණ්ඩායම් පොලිස් නිලධාරීන් සමඟ කඩිනමින් එම ප්‍රදේශවලට ගොස් පරික්‍ෂණ සිදුකළ අතර එම තොරතුරු කිසියම් පාර්ශවයක් විසින් පතුරවා හරිනු ලැබූ අසත්‍ය ප්‍රචාර සහ පදනම් විරහිත තොරතුරු බවට සොයාගෙන ඇත.

හදිසි අවස්ථාවකදී ආරක්‍ෂක අංශ සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අතර මෙවැනි ප්‍රචාරයන් හේතුවෙන් අනවශ්‍ය අයුරින් කලබලයට පත් නොවී යුද්ධ හමුදා මූලස්ථානයේ 011 4055105 හා 011 4055106 දුරකථන අංකයන්ට සම්බන්ධවී එවැනි පදනම් විරහිත ප්‍රචාරයන් පිළිබඳව සත්‍ය/අසත්‍යතාවය තහවුරු කරගන්නා ලෙස දන්වා සිටිමි. (නිමාව) Best Nike Sneakers | Nike Air Max 270