Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th May 2020 11:14:32 Hours

අභිනවයෙන් උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරුන් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවී සංකේතාත්මක අසිපත් ලබාගනී

අභිනවයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පස්දෙනෙකු හමුදා සම්ප්‍රදායානුකූලව ඉකුත් බ්‍රහස්පතින්දා (28) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවී එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ බලය හා අධිකාරිය නියෝජනය කරන සංකේතාත්මක අසිපත් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් ප්‍රදානය කරනු ලැබීනි.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ නිර්දේශය මත සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් 2020 මැයි මස 22 වන දින සිට බලපැවැත්වෙන පරිදි බ්‍රිගේඩියර් නිහාල් අමරසේකර, බ්‍රිගේඩියර් කුමාර සමරසිංහ, බ්‍රිගේඩියර් තිලක් වීරකෝන්, බ්‍රිගේඩියර් නිශාන්ත හේරත් සහ බ්‍රිගේඩියර් සුරේෂ් සලෙයි යන යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙලෙස මේජර් ජෙනරාල් නිලයට උසස් කර කෙරිනි.

උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට යුද්ධ හමුදාධිපතිතුමන් සුබපැතුම් එක් කිරීමෙන් අනතුරුව නිල උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි හට නව උසස්වීම් නිල ලාංඡන පළඳවනු ලැබීය. මෙම අවස්ථාවට තවත් වැදගත්කමක් එක් කරමින් උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්වරුන්ට සංකේතාත්මකව අසිපත් ප්‍රදානය කිරිම ද මෙහිදි සිදුවිය.

යුද්ධ හමුදාවේ ජෙනරාල් තනතුරෙහි ඇති වැදගත්කම සහ එවැනි උසස්වීම් අණ හා පරිපාලනය තුළ යහපත් ලෙස කටයුතු සිදුවන්නේ කෙසේද යන්න මෙන්ම උසස් ලැබූ නිලයේ කීර්තිය පිළිබඳව ද ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඔවුන්ට සිහිපත් කර දුන්නේය. ඉහළ සදාචාරාත්මක පදනමක් සහිත ඔබගේ කැපවීම යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට හේතුවේ යැයි යුද්ධ හමුදාධිපතිතුමන් පැවසීය. Asics footwear | GOLF NIKE SHOES