Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd November 2022 16:21:58 Hours

අන්තර් රෙජිමේන්තු පාපන්දු ශූරතාවලිය - 2022 තරඟාවලියේ ජය ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායමට

මේ දිනවල පැවැත්වෙන පාපන්දු ලෝක කුසලානය (FIFA) කෙරෙහි පාපන්දු ක්‍රීඩාලෝලීන්ගේ අවධානය යොමුව ඇති අතර, මෙම වසරේ ජනවාරි මස ආරම්භ වූ අන්තර් රෙජිමේන්තු පාපන්දු ශූරතාවලිය - 2022 තරඟාවලියේ අවසන් මහා තරඟ පසුගිය අඟහරුවාදා (22) දින පස්වරුවේ කොළඹ තුරඟ තරඟ පිටියේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 17 ක නියෝජනයෙන් පැවති මෙම පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරඟය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා කණ්ඩායම සුදුසුකම් ලැබීය.

මෙම තරඟාවලියේ අවසන් මහා තරඟය නැරඹීම සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු සහභාගී වූ අතර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් චන්න වීරසූරිය, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, විධායක ජෙනරාල් මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ සහ තවත් ක්‍රීඩාලෝලීන් විශාල පිරිසක් එක්වූහ.

අන්තර් රෙජිමේන්තු පාපන්දු ශූරතාවලිය - 2022 හි අවසන් මහා තරඟයේදී, තියුණු සටනකින් අනතුරු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා පාපන්දු කණ්ඩායම පරාජයට පත් කරමින් ගෝල 4 – 2 ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා පාපන්දු කණ්ඩායම සමත්වූහ.

අවසන් මහා තරගයෙන් පසු ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුළු තවත් ආරාධිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ජයග්‍රාහී කණ්ඩායම් සහ ජයග්‍රාහකයින් වෙත ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කළහ.

තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කණ්ඩායමේ මාණ්ඩලික සැරයන් එච්.ඩී.එම්. සිල්වා විසින් දිනාගත් අතර, හොඳම ගෝල රකින්නා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා කණ්ඩායමේ සාමාන්‍ය සෙබල එම්.ඒ.එන්. ගිම්හාන සම්මාන දිනාගත්හ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාපන්දු කමිටුවේ සභාපති සහ පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් උපුල් කොඩිතුවක්කු විසින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලය සමඟ සම්බන්ධතාවයෙන් අන්තර් රෙජිමේන්තු පාපන්දු ශූරතාවලිය - 2022, පැවැත්වීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරනු ලැබීය.