Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරඟාවලියේ ‘ඒ’ කාණ්ඩයේ තරඟ ඇරඹේ

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු ‘ඒ’ කාණ්ඩයේ තරඟ කිහිපයක් ජූලි මස 27 සිට 30 දක්වා පනාගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සහ මත්තේගොඩ ඉංජිනේරු බලකා ක්‍රීඩාංගණයේ දී පවත්වන ලදි.

මේ වන තුරු පැවති තරඟවලින් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ, ඉංජිනේරු සේවා බලකායේ, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සහ ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ ක්‍රිකට් ක්‍රීඩකයින් ජයග්‍රහණය හිමිකරගෙන ඇත.

තරඟ ප්‍රතිඵල පහතින් දැක්වේ;

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව අතර තරඟයෙන් ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවට කඩුලු 08 ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය සහ ඉංජිනේරු සේවා බලකාය අතර තරඟයෙන් ඉංජිනේරු සේවා බලකායට ලකුණු 28 ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය අතර තරඟයෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායට ලකුණු 86 ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ ශ්‍රී ලංකා පාබල හමුදාව අතර තරඟයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට කඩුලු 7 ක ජයග්‍රහණයක්

ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව අතර තරඟයෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට ලකුණු 128 ක ජයග්‍රහණයක්

latest Running | Nike Air Force 1 Shadow White/Atomic Pink-Sail For Sale – Fitforhealth