Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th July 2020 18:58:04 Hours

අද්මිරාල් පියල් ද සිල්වාගේ විශිෂ්ට සේවය සිහිපත් කරමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපතිතුමන් සුබපැතුම් පිරිනමයි

නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා සිය සේවා කාලය අවසන විශ්‍රාම ගැනීමට ප්‍රථම, අද (14) දින පස්වරුවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මුලස්ථානයේ දී මුණගැසිනි.

නාවික හමුදාධිපතිතුමන් කඳවුරු සම්මාන මුරය (drive-past) පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා මූලස්ථානයට පිවිසුණු අතර, එහිදි යුද්ධ හමුදා මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී විසින් උණුසුම් ලෙස පිළිගැනීමෙන් පසු යුද්ධ හමුදාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා විධායක ජෙනරාල් විසින් කැඳවාගෙන යන ලද අතර, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ හරසර වූ පිළිගැනිමෙන් අනතුරුව සම්මාන ආචාර පෙළපාලිය පිලිගැන්වීම සඳහා සකසා ඇති විශේෂිත පීඨිකාව වෙත කැඳවාගෙන යන ලදී.

මෙම සම්මාන පෙළපාලි අණදෙන්නා විසින් නාවික හමුදාධිපතිතුමන් වෙත ගෞරවාචාරය පුදකිරිමෙන් අනතුරුව වර්ණ ධජයන්ගෙන් සමන්විත වූ පෙළපාලියෙහී කටයුතු හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙරිණි. ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපතිතුමන් සමගින් යුද්ධ හමුදා මූලස්ථානය වෙත ඇතුළු වූ අතර, එහිදි දෙපස රැස්ව සිටි යුද්ධ හමුදා මූලස්ථාන සියළුම මාණ්ඩලික නිලධාරීන් හදුන්වාදුන් අතර, යුද්ධ හමුදාධිපතිතුමන්, නාවික හමුදාධිපතිතුමන් හා යුද්ධ හමුදා මූලස්ථාන මාණ්ඩලික නිලධාරීන් එක්ව සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.        

අනතුරුව, නාවික හමුදාධිපති අද්මිරාල් පියල් ද සිල්වා සහ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතර පැවති සුහද හමුවේදී සිය ධුර කාලය තුළ සිදු වූ මතකයන් පිළිබඳව සිහිපත් කළ අතර නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාව සහ යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සමීප සහයෝගීතාවයෙන් සහ යහපත් ලෙස පවත්වාගෙන ගිය සම්බන්ධතා පිළිබඳ ප්‍රශංසා කළේය. කොවිඩ්-19 වෛරසය පාලනය කිරීම සඳහා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම යටතේ දිවා රෑ නොබලා යුද්ධ හමුදාව මගින් සිදුකළ සුවිශේෂි කැපවීම පිළිබඳ මෙහිදි අද්මිරාල් පියල් ද සිල්වා විශේෂයෙන් සඳහන් කරන ලදී.

අද්මිරාල් පියල් ද සිල්වා ගේ ධුරකාලය තුළදී ශ්‍රී ලංකාවේ ප්‍රථම සමුද්‍රීය මුලධර්ම සංග්‍රහය, ගාල්ල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයන්හී පළමු වරට දිය යට පිහිටවන ලද කෞතුකාගාරයන් මෙන්ම කිමිදුම් ස්ථාන පිහිටුවීම, බොහෝ තාක්‍ෂණික අංගයන් නාවික හමුදා වෙත එක්කිරිම, දියඹ හරහා දැඩි ලෙස ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවරම් මැඩලීම සඳහා සිදු කරනු ලබන මෙහෙවර, දේශීය නිෂ්පාදනයන් ලෙස මීටර් 20 ප්‍රමාණයේ දිගින් යුතු මුර සංචාර නාවික යාත්‍රා නිපැයුම ආදී විශිෂ්ඨ නිර්මාණ මෙන්ම ජයග්‍රහනයන් පිළිබදව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය මතකයන් එක් කළේය.

සුහද හමුව අවසානයේ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සුබ පැතුම් එක් කරමින් විශ්‍රාම ලබන නාවික හමුදාධිපතිතුමන්ට විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළ අතර නික්ම යන නාවික හමුදාධිපතිතුමන් ද මෙම අවස්ථාව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ද සමරු තිළිණයක් ප්‍රදානය කළේය. යුද්ධ හමුදා මුලස්ථානයෙන් නික්ම යාමට පෙර නාවික හමුදාධිපතිතුමන් යුද්ධ හමුදාධිපති කාර්යාලයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් තැබීය. Running sports | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!