Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd July 2020 17:48:16 Hours

අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සියවස් සැමරුම සනිටුහන් කරමින් ශ්‍රී ලාංකික උපාධිධාරීන්ට පදක්කම් ප්‍රධානය කරයි

පාකිස්ථානයේ ‘Quetta’ හී පිහිටි විශිෂ්ඨ ගනයේ අණ හා මාණ්ඩලික විද්‍යාලයට වසර සියයක් සපිරීම නිමිත්තෙන් එහි අධ්‍යාපනය ලැබු ශ්‍රී ලාංකික උපාධිධාරි හමුදා නිලධාරීන් සඳහා පදක්කම් ප්‍රදානය කිරිමේ උත්සවයක් අද (22) දින ශ්‍රී ලංකාවේ පිහිටි සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී උත්සවශ්‍රීයෙන් පවත්වනු ලැබු අතර, කොළඹ පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය මේ වෙනුවෙන් පූර්ණ අනුග්‍රාහකත්වය ලබා දී තිබිණි.

පාකිස්ථානයේ ‘Quetta’ හී අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වර්ෂ 1960 සිට - 2005 දක්වා වූ සියවසක කාළය තුළ අණ හා මාණ්ඩලික උපාධි පාඨමාලව සම්පූර්ණ කළ විශ්‍රාමික ශ්‍රි ලාංකික යුද්ධ හමුදා නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීන් 37 දෙනෙකු වෙනුවෙන් සියවස් සැමරුම සිහිවීම වස් පදක්කම් ප්‍රදානය කරන ලදී. එම අවස්ථාව සඳහා පාකිස්තාන මහ කොමසාරිස්, අතිගරු මේජර් ජෙනරාල් (විශ්‍රාමික) මුහම්මද් සාද් ඛට්ටක් (Muhammad Saad Khattak), ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් සහ යුද්ධ හමුදා සහ ගුවන් හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

මෙම සැමරුම් උත්සව අවස්ථාව සඳහා සපැමිණි පාකිස්තානයේ මහ කොමසාරිස්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අතිගරු මුහම්මද් සාද් ඛට්ටක් (Muhammad Saad Khattak), මහතා සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබු අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහභාගී වූහ.

සංවත්සර උත්සව අවස්ථාවේ පිළිගැනිමේ කතාව අතිගරු පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් සජාඩ් අලි (Colonel Sajjad Ali) විසින් පැවැත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා සහ පාකිස්තාන ජාතික ගීතයන් ගායනා කිරිමෙන් පසු දිනයේ උත්සව කටයුතු ආරම්භ කෙරණි.

මෙම උත්සවයේ කූටප්‍රාතිය එළඹුනේ පදක්කම් ලබාගැනීම සඳහා පාකිස්තානයේ ‘Quetta’ හී පිහිටි අණ හා මාණ්ඩලික විද්‍යාලයේ වර්ෂ 1960 සිට - 2005 දක්වා වූ සියවසක කාළය තුළ අණ හා මාණ්ඩලික පාඨමාලව සම්පූර්ණ කළ (විශ්‍රාමික) ශ්‍රි ලංකා යුද්ධ හමුදා නිලධාරීන් සහ ගුවන් හමුදා නිලධාරීන් වෙත වේදිකාවට ආරාධනා කරනු ලැබිමත් සමගිනි. මෙම පදක්කම් ලාභීන් අතර, පාකිස්තානයේ අණ හා මාණ්ඩලික පාඨමාලාව සම්පූර්ණ කළ ආරක්‍ෂක ලේකම් (විශ්‍රාමික) කමල් ගුණරත්න සහ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි, මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ද වේ.

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ‘මැරුන් හෝල්හී’ (Maroon Hall) හී පැවති පදක්කම් ප්‍රදානෝත්සවයේදී අතිගරු පාකිස්තාන මහ කොමසාරිස්වරයා විසින් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පවතින සදාකාලික මිත්‍ර සබඳතා අගය කරමින් සියලු ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නැංවීමේ අරමුණින් යුුතුව පාකිස්තානයේ ‘Quetta’ හී පැවති අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සියවස් සැමරුමට සමගාමීව සිදුකරන ලද සුහඳ හමුවේදී ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි ආරක්‍ෂක ලේකම්තුමන්ට සිය කෘතඥතාවය පළ කළේය.

සමූහ ඡායාරූපයක් සහ ත්‍යාග හුවමාරුවකින් අනතුරුව සැමරුම් උත්සවය නිමාවට පත් විය.

සියවස් සැමරුම් උත්සව අවස්ථාවට සහභාගී වීම අගය කරමින් එහි සපැමිණි අතිගරු පාකිස්තාන මහ කොමසාරිස් විසින්, ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුමංගල ඩයස් වෙත විශේෂ සමරු සිහිවටන ප්‍රදානය කරන ලදී.

පාකිස්තාන මහ කොමසාරිස්වරයා සිය අවසන් දේශනය සිදු කරමින් පාකිස්තාන අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේවය සහ එම ශාස්ත්‍රීය මොඩියුලයන් පිළිබඳ පුහුණුව සඳහා විදේශීය හමුදා නිලධාරීන්ට ආරාධනා කළේය. අනතුරුව මෙම සියවස් සැමරුම් උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ ආරක්ෂක ලේකම්, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක වෙත සිය කෘතඥතාවය පළ කළේය.

ලොව පුරා රටවල් තුළින් කීර්තිමත් සොල්දාදුවන් බිහි කිරිමට පාකිස්තානයේ ‘Quetta’ හි අණ හා මාණ්ඩලික විද්‍යාලය තෝතැන්නක් වූ අතර, ෆීල්ඩ් මාෂල්ස් වේවෙල්, (Field Marshals Wavell), මොන්ට්ගොමරි (Montgomery) අවුචින්ලෙක් (Auchinleck) සහ ස්ලිම් (Slim) (එක්සත් රාජධානිය), බ්ලාර්නි (Blarney) (ඕස්ට්‍රේලියාව), අයුබ් ඛාන් (Ayub Khan) (පාකිස්තානය) සහ මානෙක්ෂෝ (Manekshaw) (ඉන්දියාව) යන කීර්තිමත් පුද්ගලයන් ඒ අතර වේ.

පාකිස්තාන යුද්ධ හමුදාවේ පැරණිතම හා වඩාත්ම කීර්තිමත් ආයතනය ලෙස ‘Quetta’ හි පිහිටි අණ හා මාණ්ඩලික විද්‍යාලය හැදින්විය හැක. Nike footwear | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp