2025 දෙසැම්බර් මස 04 දින සිට ආරම්භ වීමට නියමිත සිරීපා වන්දනා සමයට සමගාමීව, ශ්රී පාදස්ථාන පූජා භූමිය පොලිතීන් හා ප්ලාස්ටික් වලින් තොර භූමියක් ලෙස පවත්වාගෙන යාමට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම යටතේ “ක්ලීන් ශ්රී ලංකා” වැඩසටහනට සමගාමීව වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන අදියර දෙකක් යටතේ ක්රියාත්මක වන අතර, එහි සමාරම්භක වැඩසටහන, 2025 නොවැම්බර් මස 25 දින ශ්රී ලංකා යුද්ධ හමුදාවේ සාමාජිකයන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් ශ්රී පාදස්ථානයේ උඩමළුව අවට ප්රදේශයේදී ආරම්භ විය.
ඒ අනුව, යුද්ධ හමුදාව රාජ්ය සහ රාජ්ය නොවන සංවිධානවල මෙන්ම සිවිල් ප්රජාවගේද සහාය ලබා ගනිමින් එළඹෙන සිරීපා වන්දනා සමය තුළ වන්දනාකරුවන් සඳහා ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් නිර්මානය කිරීම සහ වන්දනා ගමන ආරම්භ කිරීමට පෙර අවට පරිසරය ප්රතිසංස්කරණය කිරීම මෙම වැඩසටහනේ අරමුණ විය.
වැඩසටහන් මාලාවේ දෙවන අදියර 2025 නොවැම්බර් මස 29 දින පැවැත්වීමට නියමිත අතර, එය ශ්රී පාදස්ථාන පූජා භූමියට පිවිසෙන මාර්ග සිට ප්රදේශයන් ආවරණය වන පරිදි සිදුකිරීමට නියමිතය.